ජනාධිපතිට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදා දෙන්න..- අගමැති

July 12, 2020 at 8:40 am | lanka C news
ජනාධිපතිට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදා දෙන්න..- අගමැති

කොවිඩ් අවදානම පහව ගිය පසු විදේශිකයින්ට සංචාරය කිරීම සඳහා තිබෙන ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා සහයවීම ජනතාවගේ වගකීමක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන නීතිරීති අනුව කටයුතු කරන ලෙස ද සිහිපත් කළේය.

හැටනම ලක්ෂයක මනාපයෙන් අනුමත කෙරුණු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහය ලබාදීය හැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් බිහිකිරීම ජනතාවගේ යුතුකමක් බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනතාවගේ ජීවිත ආලෝකමත් කළ හැකි ආකාරයේ  සංවර්ධන සැලැස්මක්  ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

– සිසිර මුණසිංහ

8,254 Viewers

10 Comments to “ජනාධිපතිට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදා දෙන්න..- අගමැති”

  1. sarath says:

    ජනාධිපතිට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදා දෙන්න..- අගමැති

    For this vote for JVP.

  2. දෙපයින් නැගිට දෙනෙතින් ලෝකය දෙස බලන්නෙ රාජපක්ෂ සුසංයෝගය මත බව කුහක දේශපාලන හා ඊට ගැත්තන් අද අමතක කොට තිබීම නොරහසකි. අපේ මව් බිමට ජය වේවා. මේ බෞද්ධ දේශයක් වන බැවින් සියලු රට වැසියන්ට දළදා සමිදු පිහටයි ලැබේවා.

    • Mr Clean says:

      උගත් අපේක්ෂකයිනී ම‌ෙවර ඕබේ ප්‍රචාරක දැන්වීම් සහ පෝස්ටර් වල ඔබේ O/L සහ A/L විභාග අංකයන්ද උපාධියක් ඇත්නම් එයද සඳහන් කරන්න.
      එවිට බ‌ෙල‌ෙක් කටවල බලය‌ෙන් ජනතාව රවටන 8 පාස් නඩය ජනතාව ඉදිරියේ නිරැත්තර වී එලිදරව් වනු ඇත.
      8 පාස් නඩය පාර්ලිමේන්තු නොයැවිය යුතුය.. ප්‍රා.සභා ඔවුන්ට සෑහේ.
      ටොක්කක් කතත් රන්මුද්දක් පැළදි අතකින් කෑ යුතුය කියා කියමනක් ඇත.වියත්මග සංකල්පය අනුව ජනපති හා අගමැති ඉල්ලා සිටිය යුත්තේ 2/3 නොව අධ්‍යාපනයක්,හැදියාවක් ඇති,දූෂිතයන් හෝ අපරාධකාරයන්,වංචනිකයන් නොවන අය කුමන පක්ෂය‌ෙන් හෝ දිනවා පාර්ලිමේන්තුවට යවන ල‌ෙසටයි.

    • ලකිය says:

      eka wennathi kasada registar karana gana thambiyata adu kare,sinhalayata wadi kare

  3. Aurora says:

    අගමැතිතුමා දෙන මේ පණිවිඩය නිවැරදිව ග්‍රහණය කරගන්න පොහොට්ටුවේ චන්දදයකයෝ සමත්වෙන බව විශ්වාසයි. ඔවුන් බුද්ධිමත්, තමන් මේ වටවෙලා ඉන්නේ පොහොට්ටුව කියන ආගම වටේ නොව රට ගොඩනගන්න අපිම තෝරාගත් ජනාධිපතිතුමා සහ එතුමාගේ ගාමක බලය වන පොහොට්ටුව වටා බව තේරුම් ගනිමු. මැතිවරණයෙන් දිනවන්න ඕන මහින්ද මහතාගේ රැස්වලල්ලෙන් ආලෝකය ලබන උන් නොවේ, කුඩු ව්‍යාපාරිකයෝ, මන්දබුද්ධිකයෝ, රාජ්‍ය දේපොළ සුරන් කන ව්‍යාපාරිකයෝ නොවේ. ඒ සමඟම පසුගිය කාලයේ රට විකුණන්න යහපාලනේට කත ඇදපු කාලකන්ණිත් නොවේ. ජනාධිපති තුමාට ශක්තිය දෙන්න පුළුවන් උගත්, බුද්ධිමත්, දේශප්‍රේමීන් පමණකි.

    • ක්‍රිමිනල් says:

      ඉතින් බන් වියත්තු මගෙන් ඉදිරිපත් වෙන්නේ දහයක් දොලහක් වගේ ගානක්නේ , එකෙත් කබ්‍රාල් ,නාලක ගොඩහේවා වගේ හොරු අයින් කරහම ඉතුරුවෙන්නේ දහයක් දොලහක් වගේ ගානක් ,ඉතිරි බහුතරයම මහින්ද මාමී ගේ හොරු සැට් එකනේ , එතකොට අපි පූට්ටුවෙන් පත් කරල යවන්න ඔනේ අර වියත්තු දහ දොලොස් දෙනා විතරමද ? අනේ බන් උබල හොදයි දෙබානට බැදලා කුබුරු හාන්න.

  4. Narada says:

    ජනාධිපතිට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදා දෙන්න.70% දේශපාලනික නොවන නමුත් වෘත්තිකයන් යවන්න, විශ්‍රාමිකයන් පවා කමක් නැහැ

  5. Jagath says:

    ඔයා ගැලපෙන්නේ නෑ. වියත්මග සෙට් ඒක හොදයි

  6. jayalath says:

    කොටළුවන් සහ බැටළුවන් රේස් එකට තියලා අශ්වයන් දිනවීමේ අභියෝගය ජනතාවට භාරදීම…. නරක නැහැ ඒකත්.

  7. Hari says:

    ඒ කියන්නේ පොහොටුවට ඔයා මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ ගැලපෙන්නේ නෑ