ජනාධිපතිට දණ්ඩමුක්තිය හිමිවීමට විරුද්දයි.. ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.. අපි තීරණාත්මකයි..

September 7, 2020 at 10:00 am | lanka C news
ජනාධිපතිට දණ්ඩමුක්තිය හිමිවීමට විරුද්දයි.. ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.. අපි තීරණාත්මකයි..

යෝජිත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දණ්ඩ මුක්තිය හිමි වීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අඩුම තරමේ මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලය ජනතාවට තිබිය යුතු බවද ඔහු පවසයි.

කෙසේ නමුත් ජනතාව මෙවර ඡන්දය දී ඇත්තේ 19 සංශෝධනය අහෝසි කිරීමට බවත් එනම් මේ සියල්ල අහෝසි කිරීමට බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බවත් තම පක්ෂය 14 දෙනා ඡන්දය නොදී සිටියොත් තුනෙන් දෙකේ බලය නැති වී යන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

නමුත් රටේ ජාතික ප්‍රශ්න සමග එය කේවල් කිරීමට තම පක්ෂය සුදානම් නැති බව ද පවසන ඔහු 19 සංශෝධනය අහෝසි කිරීමේ දී රටට වගකියන සංශෝධන ක්‍රියාවලියකට තම සහාය දක්වන බවද කියා සිටී.

එමෙන්ම ආණ්ඩුවෙ ජනප්‍රියත්වය විනාශ කරගෙන සංශෝධන කළ යුතු බවක් තමන් විශ්වාස නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජයසේකර මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අද දින අද ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

90,883 views

27 Comments to “ජනාධිපතිට දණ්ඩමුක්තිය හිමිවීමට විරුද්දයි.. ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.. අපි තීරණාත්මකයි..”

  1. Daabare says:

    Rilaasiriya Oluwen Hitiyah ..20 Sammathai ..Janapahita Marenakam Nadu Naaa….Ratatama Kelawalaa US Paninna Puluwan ..Dan Shapada ?

    • Ranjith says:

      19 අහෝසි කරන බව පැහැදිලිවම කිව්වා චන්දයේදී. නමුත් මේ ගෙම්බෝ ඒකේ තියෙන දේවල් නොදැන බක බක ගානවා.පාතාලය නැති කිරීමේදී කරදර හිරිහැර වුණා කියලා හරි වෙන කුණු ගොඩකට හරි අහක යන දේකට නඩු දාන්න පුළුවන්. ඒනිසා ජනාධිපති මුක්තිය තිබුනට කමක් නෑ. අර පුරා විද්යා සල්ලි කාපු එකා ආපහු පත් කරපු, ගොන්ජා වගේ පිරිමි ගණිකාවෝ පත් කරපු ගොන්නු බක බක ගානවා

  2. darmadaasa says:

    Chanda Kaale 20 genenawa Kiwwata .monawad genenne kiyala pahadilikale naha ….Hamadaama Rawatena Mooda Baayo ..Kaala Wara

  3. බිල්ල says:

    ජනාධිපතිගේ බලතල වැඩිකලාම කුඩු ව්‍යාපාරයට එරෙහිව ගෙනියන වැඩපිළිවෙල තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා කුඩු ව්‍යාපාරිකයෝ වැඩි මුදලක් 20 සංශෝධනයට එරෙහිව ආයෝජනය කිරීම මේ මොහොතේ ඉතා වටිනවා වගේම කුඩු පාවිච්චි කරන පොදු ජනතාව පැත්තෙනුත් ඉතාමත් හදිසි දෙයක්. විපක්‍ෂයේ වගේම ආණ්ඩුවෙත් ඉන්න ඇතැම් මන්ත්‍රීවරු ජනධිපති බලතල නැවත ස්ථාපිත කිරීමට ඒ කියන්නේ 20 ගේනවට විරුද්ධව පාරට බස්සමු.