ජනාධිපතිට දණ්ඩමුක්තිය හිමිවීමට විරුද්දයි.. ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.. අපි තීරණාත්මකයි..

September 7, 2020 at 10:00 am | lanka C news
ජනාධිපතිට දණ්ඩමුක්තිය හිමිවීමට විරුද්දයි.. ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.. අපි තීරණාත්මකයි..

යෝජිත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දණ්ඩ මුක්තිය හිමි වීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අඩුම තරමේ මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලය ජනතාවට තිබිය යුතු බවද ඔහු පවසයි.

කෙසේ නමුත් ජනතාව මෙවර ඡන්දය දී ඇත්තේ 19 සංශෝධනය අහෝසි කිරීමට බවත් එනම් මේ සියල්ල අහෝසි කිරීමට බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බවත් තම පක්ෂය 14 දෙනා ඡන්දය නොදී සිටියොත් තුනෙන් දෙකේ බලය නැති වී යන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

නමුත් රටේ ජාතික ප්‍රශ්න සමග එය කේවල් කිරීමට තම පක්ෂය සුදානම් නැති බව ද පවසන ඔහු 19 සංශෝධනය අහෝසි කිරීමේ දී රටට වගකියන සංශෝධන ක්‍රියාවලියකට තම සහාය දක්වන බවද කියා සිටී.

එමෙන්ම ආණ්ඩුවෙ ජනප්‍රියත්වය විනාශ කරගෙන සංශෝධන කළ යුතු බවක් තමන් විශ්වාස නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජයසේකර මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අද දින අද ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

93,099 views
Main News