එජාපයට මල පනී… ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

August 11, 2017 at 9:20 am | lanka C news
එජාපයට මල පනී… ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිනේ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහු බලයෙන් පහ කර දැමිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂයේ පසු පෙල මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සාකච්චා කර තිබේ.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ එජාප තරුණ ඇමතිවරයෙක් සදහන් කර ඇත්තේ ඒ සදහා කලබල නොවන ලෙසත් තවත් ටිකක් ඉවසා එවන් තීන්දුවකට යා යුතු බවයි.

එජාප පාක්‍ෂිකයින්ගේ ඡන්දයෙන් පැමිණි ජනාධිපතිවරයා විසින් එජාපය ඉලක්ක කර දේශපාලන ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ගමේ එජාප පාක්‍ෂිකයින් දැන් ඔහුට දැඩිව විරෝධය පල කරන බවත් එහිදී එම මන්ත‍්‍රී පිරිස පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් තව දුරටත් මෙවන් කටයුතු ඉවසා දරාගත නොයුතු බවත් අගමැතිවරයා හමු වී මේ සම්බන්දයෙන් ඉක්මන් තීරණයක් ගත යුතු බවත් මෙම පිරිස තව දුරටත් අදහස් හුවමාරු කරගෙන ඇත.

මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි සදහන් කරන්නේ ඊළගට බැදුම්කර චෝදනාව ඇමති මලික් සමරවික‍්‍රම, මහ ලේකම් කබීර් හෂීම් මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ කරාද පැමිණෙනු ඇති බවත් එවිට එජාපය ප‍්‍රමාද වැඩි වනු ඇති බවත්ය.

64 views

15 Comments to “එජාපයට මල පනී… ජනාධිපතිට දෝෂාභියෝගයක්..?”

  1. Nandasoma says:

    මෛත්රි දැන් හොදට ඔලුව පාවිච්චිකරලා ඔය හැම පක්ෂයකම ඉන්න හොදට වැඩකරන හොරකම් දූෂණ නොකරන අය හොයල බලල අලුත් ජාතික ආණ්ඩුවක් හදන්න. හැබැයි ඔය කලවැද්දා එතකොට රාජිතයා තවත් ඉන්න වාචාලයො ලංකරගන්න එපා.

    • කිච සිරා says:

      නන්දෙ උඹට තවම තෙරෙන් නැද්ද පාවිච්චි කොරන්න මට ඔලුවක් නැතිබව ?

  2. ExUNPer says:

    ඉනිමගට පයින් ගැසීම !
    එජාපය මයිත්‍රීව ජනපති කලේ එමගින් එජාප රජයක් හදා ගැනීම මිස වෙන හේතුවක් නොවේ !
    දැන් උඩට නැගල ඉවරයි !

  3. warksya says:

    good

Main News