ජනාධිපතිට පිස්සා කියන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද රටේ තියෙනවා…

November 23, 2021 at 3:50 pm | lanka C news
ජනාධිපතිට පිස්සා කියන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද රටේ තියෙනවා…

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවට විපක්ෂයේ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

”අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයි ලු. අද මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියනවා නම් එතුමාට පිස්සා කියලා කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද එතුමා මේ රටේ ඇතිකරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සෙලාට මතක් කරන්න කැමතියි. අපි ඕවාට කලබල වෙන්නෙ නෑ. පිස්සො පිස්සො කියලා කිව්වාට අපි ඔව්වා ගැන කලබල වෙන්න එන්නෙ නෑ.

ඊළඟට එතුමාගෙ නම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හුඟාක් අයට එතුමාගෙ නම හොයාගන්න පුළුවන් වුණේ අවුරුදු එකහමාරක් ගියායින් පස්සෙ තමයි නන්දසේන කියලා. එතුමාගෙ නමත් ප්‍රශ්නයක්. සමහරුන්ට එතුමා බොහොම සරල ලෙස ඇවිල්ලා දිවුරුම් දෙන්න එද්දී පාර්ලිමේන්තුවට එතුමාගෙ වැරැද්දක් හැටියට දැක්කෙ සුදු ඉර කැපුවා කියලා. දෙවැනි දවසෙ මහා ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ජනාධිපතිතුමා සුදු ඉර කපලා ආවා කියලා.

ඉතිං ජනාධිපතිතුමා සරල වුණාමත් ප්‍රශ්නයක්. එතුමා නිකම් ෂර්ට් එකක් ඇඳගෙන ආවත්, එහෙම නැත්නම් එතුමා වෙඩිමුර තිබ්බෙ නැත්නම්, තේජස්වන්ත කමෙන් ඇවිල්ලා දිවුරුම් දුන්නෙ නැත්නම් කතා කෙරුවෙ නැත්නම් ඒකත් සමහර අයට ප්‍රශ්නයක්, හරි ගෞරවයක් තිබුණෙ නෑ කියලා”

27,234 views

19 Comments to “ජනාධිපතිට පිස්සා කියන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද රටේ තියෙනවා…”

  1. අමිල ප්‍රියංකර ප්‍රනාන්දු says:

    මෙතන ජොන්ස්ටන් මත්වෙලා වගේ, ඇත්ත කියනවා. අපිට අමතක වෙච්ච දේවල් මතක් කරලා දෙනවා.
    ජනාධිපති පිස්සා ලු
    එයාලට පිස්සු ලු
    ජනාධිපති සුදු ඉර කැපුව ලු
    ජනාධිපතිට කිසි ගෞරවයෙක් නෑ ලු
    මට හිතෙන්නේ, ජොන්ස්ටන් පනින්න වගේ…
    එයාට අමතන වෙලා, ඔය එකෙක්වත්, ගෞරවය කියන වචනෙටවත් සුදුසු නැහැ කියලා.

    • Sky says:

      ඔබ වැනි අවස්ථාවාදී පිස්සු ඇමතිලා නිසයි අද අපේ රට අගාදයට යන්නේ තවත් තැබෑරුම් හදලා ජනතාවට බොන්න දීලා මුළු රටෙම ජනතාව සිහිවිකල් බේබද්දෝ කෙරුවාම ප්‍රජාතන්ත්‍රවාදය හොදට බලාගන්න පුළුවනි

  2. Yakoo. …umbath niyama puththam buruwek thamai..

  3. ගමේ බණඩා says:

    පිස්සට පිස්සා නොකියා වෙන මොනා කියන්නද

  4. බල්ලොත් එක්ක බූදියගත්තම මැක්කොත් එක්ක නැගිටිමූ. says:

    අම්මප බල්ලොත් එක්ක නිදා ගත්ත නම් මැක්කොත් එක්කම නැගිටපන් මාමේ. තාමත් ප්‍රමාද නෑ. අලූ ගසල දාලා කෙලින් වෙන්න.

  5. මෝ says:

    පිස්සෙක්ට පිස්සා නොකියා මහ රහත් කියන්නයැ බං?

  6. 0.00069 BIYYO says:

    අම්මප බල්ලොත් එක්ක නිදා ගත්ත නම් මැක්කොත් එක්කම නැගිටපන් . තාමත් ප්‍රමාද නෑ. අලූ ගසල දාලා කෙලින් වෙන්න.
    තොගෙයි තොගෙ මහඑකාගෙයි ඔලු කට්ට ඇතුලේ හිස්.. නරියෙක් සිංහයෙක් වෙන්න හැදුවට ඒක හොදට පේනවා, මොළේ තියෙන ඕනම එකෙකුට…

  7. Shan says:

    Once again this idiot Johnny opened his dirty mouth. He doesn’t kmow what democracy is. Any citizen can call the president by any name. No need to call him Sir, His Excellency like his cabinet members do.
    This is the standard of our Cabinet members. This guy should be stoned……

Leave a Comment