ජනාධිපතිට යන්නැයි පාසැල් සිසුන් විරෝධතා.. 89න් පසු මුල් වරටයි…

April 7, 2022 at 4:40 pm | lanka C news
ජනාධිපතිට යන්නැයි පාසැල් සිසුන් විරෝධතා.. 89න් පසු මුල් වරටයි…

මහනුවර ප්‍රදේශයේ පාසැල් සිසු සිසුවියන් විශාල පිරිසක් ජනාධිපතිවරයාට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් විරෝධතාවයක නිරත විය.

අද මහනුවර දළදා විදියට එක් වූ මෙම සිසු පිරිස විරෝධතා පෝෂණය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ යෙදුනහ.

දරුවන් විරෝධතා සඳහා සම්බන්ධ නොකරන ලෙස පොලීසිය සහ ළමාරක්ෂක අධිකාරිය විසින් දැනුම් දී තිබුණද සිසු සිසුවියන් විශාල පිරිසක් ඒ නොතකා විරෝධතාව සදහා එක්ව සිටියහ.

පාසල් සිසු සිසුවියන් මෙසේ උද්ඝෝෂණයකට සම්බන්ධ වූයේ 1989 න් පසු වීම විශේෂත්වයකි.

95,063 views

49 Comments to “ජනාධිපතිට යන්නැයි පාසැල් සිසුන් විරෝධතා.. 89න් පසු මුල් වරටයි…”

  1. mel says:

    කොවිඩ් කාලේ ලමයි ඉගෙන ගත්තේ කොහොමද කියලා හොයපු නැති උන් දැන් හරි වැරදි හොයනවා ..ටියුශන් කාරයො ඔන්ලයින් ක්ලාස් කොච්චර ගරනවද? ලමයි කොච්චර AL වලින් හැලිලද?
    උන්ට ගෙදර ප්‍රශ්න දැනෙන්නේ නැද්ද?
    මිනිස්සුන්ට බනින්න ඉස්සර ප්‍රශ්න විසදපල්ලා.
    තාම මුදල් ඇමතියෙක් ඉන්න වද? එක හරියට පත්කරගන්න බැරි උන් අනුන්ගෙ කොන් අල්ලනවා.

  2. ලොකුබණ්ඩාර says:

    මහාපරිමාණ ටියුශන් කඩ රටේ තියෙනවා කියන්නෙ පාසැල් සිස්ටම් එක ෆේල්.මෙච්චර කාලෙකට ඒකට මුකුත් කලාද? හැම දෙශපාලන පක්ශයක්ම ටියුශන් කාරයෝ තියන් ඉන්නෙ උන්ට ඕන අලුත් චන්ද ටික ගන්න.
    ලමයින්ට 2000-3000 ක්ලාස් වලට ගෙවාගන්න බැහැ.උන්ට ලයිට්‍ නැතුව පාඩම් කරන්න නැහැ.

  3. kishan says:

    Even though All of us in truble due to the Stupid Moves of Government and we protest aginst their act you vannot justify School children incolved in political Protests Same thing happens in 1989 when we were students and those who behind them at that time are doing it again now.

    We can clearly see who is behind these protests. in 1989 the same persons pull the strings and denied their involment by using fake names like Deshapremi janatha Viyaparaya ( DJV) to motivate students to protest against the government. Same Balal kumara and clan has done the trick and when studentsa get into trouble only their parents were their to save them and ones who pullthem to do the protests sneak away silantly and deney their involment. e have witnesed it in 1989 and now I think they are doing the same.
    I beg to all Paraents to concern about your Choldren and keep your children stay away from their trap.

  4. JR says:

    පියානෝගෙ කාලෙ වුනා නම් අද මුන් අතුරුදන් ලැයිස්තුවේ…. පාරවල් ගානෙ ටයර් පිච්චෙයි… එච්චරයි ….

  5. JR says:

    මේක මිසදුටු ngo පල්ලි වහලුන් බෞද්ධයන්ට එරෙහිව කරන කුමන්ත්‍රණයයක් බව එලි වුනාට පස්සෙ අදාල විසඳුම ලැබෙයි, එතකල් නටපල්ලා…!!!! ☝️

    • Athula says:

      බවුද්ද කහකඩ කාරයෝ උඹලට ඇරලා තියෙන හරිය මදිද ?

Main News