ජනාධිපතිට රට කරන්න දී මහින්ද විශ‍්‍රාම ගත යුතුයි.. බේබිලා රජ කරවන්න අපි සූදානම් නෑ..- රතන හිමිගෙන් අගමැති මහින්දට දැඩි ප‍්‍රහාරයක්.. නාම යෝජනා ලැබිලා නැතිලු..

March 12, 2020 at 10:32 pm | lanka C news
ජනාධිපතිට රට කරන්න දී මහින්ද විශ‍්‍රාම ගත යුතුයි.. බේබිලා රජ කරවන්න අපි සූදානම් නෑ..- රතන හිමිගෙන් අගමැති මහින්දට දැඩි ප‍්‍රහාරයක්.. නාම යෝජනා ලැබිලා නැතිලු..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ.

නමුත් පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ.

දේශපාලඥයින්ගේ පිරුවටයක් වීමට සූදානම් නැති බව ද කී උන්වහන්සේ තවත් බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද කියා සිටියහ.

කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පලකරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ.

පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ තව දුරටත් සඳහන් කළහ.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අතුරලියේ රතන හිමියන්ට මෙවර මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අහිමිව ඇති බවත් ජාතික ලයිස්තුවට හෝ යෝජනා කර නැති බවත්ය.

320 views

73 Comments to “ජනාධිපතිට රට කරන්න දී මහින්ද විශ‍්‍රාම ගත යුතුයි.. බේබිලා රජ කරවන්න අපි සූදානම් නෑ..- රතන හිමිගෙන් අගමැති මහින්දට දැඩි ප‍්‍රහාරයක්.. නාම යෝජනා ලැබිලා නැතිලු..”

  1. Ranga Priyadarshana says:

    අනේ පලයං මිනිහෝ යන්න උඹ හිතන්නේ කෙරුමෙක් කියලද පුලුවන්නම් ස්වාදීනව ඉල්ලපං කුරුනෑගලින් මහින්ද එපාද කියල බලන්න

  2. sajitha says:

    ratanage honda theeranayak. swadeenawa waren. minissu umbatama chande dei. haebaei chanden passe parliment enta wenne nae. pansalatath yanta baeri wei. ethakota ithin pawulak pansalak karagena oya kohehari jeewath weyan. rata winasakaranta naewatha entanam epa.

  3. Gonsun says:

    Let’s NOT vote for MR, his other 2 Brothers and son and Chase these CROOKS, then we still have the honest, best Rajapaksa as our Prez.

  4. mali says:

    S B Navinne from Kurunegala has gained his position in Pohottuwa heard. Who is this fellow jumping from Sajith party now to pohottuwa.What is happening in pohottuwa.If the people do not get quality people as candidates it seems lot of pohottuwa viyathmage people are going to stop voting in this election and 2/3 majority may be a dream.

  5. SWINTON says:

    You priests should be in temples not in parliament. You are a disgrace to Buddhism. Just keep your lousy mouth shut and do some bhawana at the rajagiriya temple received from mahinda’s Govt.

  6. අක්බාර් ලොක්කා says:

    රතන හාමුදුරුවො එජාපෙ පිල්ලියක්

  7. AlaGediya says:

    තවත් බේබිලා රජකරවන්නෙත් නැතුව දේශපාලඥයින්ගේ පිරුවටයක් වෙන්නෙත් නැතුව ඔබ වහන්සේත් ගෞරවාන්විත දේශපාලනයෙන් සමුගන්නවතං බොහොම හොඳයි. ඇත්තටම දේශපාලනේ කළා කියල කොරපු වැඩක් ඇත්තෙත් නැහැ නේ.