ජනාධිපතිට වැඩකරන්න මුදල් නෑ.. 2/3 ආණ්ඩුවක් නැතිව වැඩ කරන්න බෑ..

January 17, 2020 at 8:02 am | lanka C news
ජනාධිපතිට වැඩකරන්න මුදල් නෑ.. 2/3 ආණ්ඩුවක් නැතිව වැඩ කරන්න බෑ..

රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවත්. ඒ සදහා 2/3ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්, එසේ නොමැතිව කොරගහන ආණ්ඩුවක් රටකට අවශ්‍ය නොවන බවත්  ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

මල්වල ශ්‍රී ඥාණෝහාස පැවති ගිලීමලේ බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා,

ලංකාව වගේ රටකට 2/3ක බහුතර බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් අවශ්‍යයි. රටට සහ ජනතාවට බලපාන ප්‍රශ්න විසදීමට වගේම ඒ සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ගැනීමේදී බහුතර බලයක් ආණ්ඩුවකට තිබීම ඉතා වැදගත්. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩකරන්න මුදල් නැහැ. පසුගිය වසරේ අයවැයක් සම්මත කරගන්න නොහැකිවීම ඊට හේතුවයි. මේ වන විට අපේ රජයට අයවැයක් සම්මත කර ගැනීමට තරම් බලයක් පාර්ලිමේන්තුව තුළ නැහැ. අපට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 94ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ සන්ධානය  ප්‍රමුඛ විපක්ෂයට බහුතරයක් ඉන්නවා.

රජයට අයවැයක් සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ආණ්ඩුවක් පිහිටුවන්න ව්‍යවස්ථානුකූලව වසර හතර හමාරක් ගත වියයුතුයි. ඒ අනුව අපිට මහා මැතිවරණයකට යන්න වෙන්නේ මාර්තු පළමු වෙනිදායින් පසුවයි. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නියමිත කාලයට කලින් නව අගමැතිවරයෙක් පත්කරලා ආණ්ඩුව විසුරුවා හැරියා . එදා අධිකරණය ආණ්ඩුව විසුරුවා හැරිම අභියෝගයට ලක් කරමින් සදහන් කළේ  සිරිසේන ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බැවින් ආණ්ඩුව විසුරුවා හැරිම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ නිසා අපට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා නියමිත කාලය අවසන් වෙනකම්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වෙලා තාම මාස දෙකක්වත් නැහැ. හරියට අත දරුවෙක් වගේ ඒත් විපක්ෂය අහනවා රජය මොනවද කළේ කියලා. ඔබ දන්නවා මේ වෙනකොට රටේ යම් ශීලාචාරකමක් ඇතිවෙලා. දේශපාලන සදාචාරයක් ඇතිවෙලා. ඒ වගේම විදේශ රටවලට විශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ග්‍රාමීය වශයෙන් විනිවිදභාවයෙන්  යුතු සංවර්ධන වැඩපිලිවෙලක් පටන් අරගෙන තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රක්කයේ ජනගහනය අනුව  මෙවර අපට මන්ත්‍රී ආසන 11ක් හිමි වෙනවා. මෙවර මහ මැතිවරණයෙන් අවම වශයෙන් මන්ත්‍රී ආසන 8ක් වත් ජයග්‍රහණය කර ගැනීමට අපි සියළුම දෙනා මහන්සිවිය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීමට ගත් උත්සාහය මෙන් ඊට වඩා වැඩි කැපවීමකින් මහා මැතිවරණය ජයග්‍රහණය කරවීමට කටයුතු කල යුතු බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේය .

– ධම්මික තිලකරත්න

14,133 Viewers

9 Comments to “ජනාධිපතිට වැඩකරන්න මුදල් නෑ.. 2/3 ආණ්ඩුවක් නැතිව වැඩ කරන්න බෑ..”

  1. ඩපයා says:

    කියන කතාව ඇත්ත. හැබැයී ඔය බව දැන දැනත් මහා මැතිවරණයට කලින් කුණු ගොඩක් ඔලුව උඩ තියාගත්ත එකට වග කිව යුත්තන් තමන් මයී. හැබ්යී එකෙනුත් හොඳ දෙයක් උනා. ජනතාව දැන ගත්තා
    වැඩක් කොරන්න බැරි බව දන දැනත් ටික කලකට උනත් ඇමති කම් අරගෙන් වරප්‍රසාද ගන්නම විතරක් දඟලන උන් මොක්කුද කියලා.

    • Saman says:

      එහෙනම් යුඑන්පියටත් ඔය තුනෙන් දෙක තිබ්බෙ නෑ ඒකයි වැඩ නොකලෙ. නොදකින් මේකා.

      • ඩපයා says:

        ජනතාවට එපාම වෙලා හිටපු යහපාලන හැත්ත උන් හදපු කුණු ගොඩ මහමැතිවරණයට කලින් බොලා වගේ උන්ගේ ඔලුව උඩින් තියල උන් අයින් උනා. දැන් බෝලත් කියනවා 2/3 නැතුව වැඩක් කොර ගන්න බැහැ කියල. 2/3 හම්බුවෙන්න කලින් කෑදර කමට කුණුගොඩ බාර ගත්තේ 2/3 නැතුව වැඩක් කොරගන්න බැරි බව නොදැන නෙමෙයී නේ? වැඩ කොරගන්න බැරි බව දැනගෙන මොන මගුලකටද ගත්තේ? 2/3 හම්බුවෙනකල් ඉවසන් ඉන්න බැරුව කෑදර කමට අරගෙන දැන් මෝඩ කතා කියල ජනතාවට බෝලත් එපා කොරවනවා. ජනධිපතිතුමා ලස්සනට වැඩේ කොරගෙන යනවා බොලා එතුමාගේ නමත් කනවා.

    • මහජනයා says:

      එජාපය 2015 අයවැයක් ඉදිරිපත් කලාම ඔබ තමුන්නාසේලා ඇතුළුව සියලු දෙනා චන්දෙ දීල දිනවුවාසේම මෙවර එජාපය ද ඔබගේ අයවැයට පක්ෂව චන්දයදෙන බව ප්‍රකාශ කර ඇත. වැඩකරන්න බැරි සල්ලි නැතිනිසා, සල්ලි නැත්තේ අයවැය නැතිනිසා. එහෙනම් 3/2 හොයා හොයා ඉන්න එපා, අයවැය දාලා වැඩ කරන්න. සමහරවිට නෙවෙයි බොහෝවිට මේවගේ මෝඩ කතා කියා කියා හිටියොත් ඔය හිතන 3/2 කවදාවත් ලැබෙන එකක් නැ. එතකොට 69 ලක්ෂයක හෙලයින්ට පොල්ල ද ??

  2. Rfggh says:

    ITHIN SAAMAAMYA BAHUTHARAYAKING WEDA KARANNA BERIDA?

  3. sathya says:

    Dan kiwwe 2/3 oona naha….. Athin wiyadam karala hari wada karanawa kiyala

  4. කොණ්ඩ කැවුමා says:

    යකෝ… රනිල් 42ක් තියාගෙන මහ බැංකුවටත් වැඩේ දුන්නා. උඹල නාහෙන් අඬ අඬ හිටපල්ලා.

  5. sana says:

    මේ වගේ අය හොදයි කරත්තෙට බදින්න

  6. Tomy says:

    The Hon. President should stop this kind of people from giving press releases, as they say whatever they think in their mindset. If the Government needs 2/3 majority, why the hell did you’ll did not say it before? Just fooling the general public with mad stories now.

Main News