ජනාධිපතිට විරුද්ද දෝෂාභියෝගයක් අත්සන් ගැනීම එජාපය අරඹයි.. කැමති කෙනෙකුට අත්සන් තබන්න පාර්ලිමේන්තු ආලින්දයේ..

July 14, 2019 at 10:11 pm | lanka C news
ජනාධිපතිට විරුද්ද දෝෂාභියෝගයක් අත්සන් ගැනීම එජාපය අරඹයි.. කැමති කෙනෙකුට අත්සන් තබන්න පාර්ලිමේන්තු ආලින්දයේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිට විරුද්දව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත‍්‍රීවරුන් හැත්තෑ පස් දෙනෙකුගේ අත්සන් අවශ්‍ය බවයි.

ඒ නිසා කැමති කෙනෙකුට අත්සන් කිරීම සඳහා අදාළ දෝෂාභියෝගය පාර්ලිමේන්තු ආලින්දයේ විවෘතව තබන බවද ඔහු කියා සිටියේය.

මෙරට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට කෂේරුකව සහිත් මන්ත්‍රීවරුන් අත්සන් කළ යුතු බවද ඔහු පැවසීය.

එම මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ කියා සිටියේ පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්දයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අගමැතිවරයාට පැමිණිය හැකිනම් ජනාධිපතිවරයාද පැමිණිය යුතු බවයි.

ජනාධිපතිවරයා කටයුතු කරන්නේ වගකීම් විරහිතව බවද ඔහු සදහන් කලේය.

18,321 Viewers

10 Comments to “ජනාධිපතිට විරුද්ද දෝෂාභියෝගයක් අත්සන් ගැනීම එජාපය අරඹයි.. කැමති කෙනෙකුට අත්සන් තබන්න පාර්ලිමේන්තු ආලින්දයේ..”

  1. ON THE SPOT says:

    උඹලට කොන්දක් තියනව නම් ඕක මන්ත්‍රීවරුන් හමුවී අත්සන් කර ගනිල්ලා.
    එහෙම කරන්න බැරි නම් පාර්ලිමේන්තු ආලින්දයේ නොතබා පාර්ලිමේන්තු වැසිකිලියේ ටොයිලට් පේපර් වෙනුවට රඳවා තබාපල්ලා.
    සංදර්ශණ පවත්වන්න ඕනෑ නම් පිටකොටුුවේ බෝගස ළඟ සරම් ඇඳන් ඔලුවෙන් හිටගනිල්ලා.
    උඹලගෙ බොරු සංදර්ශණ බලන්න ජනතාව එක් රැස් නොවන බවත් දැන ගනිල්ලා.

  2. අංකූරා says:

    රට ගැන හිතල කටයුතු කිරීම පැත්තෙන් ගත් විට රනිල්ට වඩා නම් දහස් ගුනයකින් මයිත්‍රීපාල මහතා ඉහලින් ඉන්නවා !.

  3. SALMAL says:

    Nice try UNP ….greedy power hanters . UNP Traitors try get more political power
    Sirisena ,If you Touch the elephant’s tail again your dreams will come true again .BUT …you will be Ranil’ s puppet for ever .
    There are hunters, and there are victims..
    People in Srilanka ,Please ,don’t sign this it will be a great disaster to our Motherland

  4. Vasana says:

    L ook like Gamarala going to lose his green elephant ‘s tail ( UNP )

  5. Rata Wenuwen says:

    චමින්දයෝ බොරුවැඩ නොකර ඉඳු,, අපෙ ගම් පැත්තේ වයසක සීයාලාට කොලොප්පමට කොල්ලෝ කුරුට්ටෝ කියන්නෙ “චමින්ද ” කියලයි, ඔබත් ඒවගෙ බවයි මට හැඟෙන්නේ

  6. Banda says:

    ජනාධිපති ainkaranna hadanne, usa ekka givisuma gahanna saha ජනාධිපති වාරණය nothiya inna. Nodakin munta chande deepu 62k gonnu. Rata kawa ubala. Thama iwaranaha.

  7. බන්ඩා says:

    ඉඟුරැ දීල කොච්චි මිරිස් ගන්නෙ නැතුව තව මාස කිහිපයක් ඔහොම යමු.

  8. Mahasona says:

    මෙය පරාජය වෙනවා සහතිකයි රනිල් සමග එක් නොවෙමු

Main News