ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට වාහන දෙකක් ගන්න කෝටි 19ක් අනුමතයි..

May 8, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට වාහන දෙකක් ගන්න කෝටි 19ක් අනුමතයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සහ ආරක්ෂක ලේකම්වරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක ට අනුමැතිය ලැබී තිබේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසිනි.

අදාල වාහන මිලදී ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ මූලධන වියදම් වශයෙන් රුපියල් දහනව කෝටියක් ප‍්‍රතිපාදන අනුමත කරන්නැයි පරිපුරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි දහයකට වැඩි වටිනා තවත් වාහන මිලට ගැනීමට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවකට ද අනුමැතිය ඊයේ දිනයේ ලැබින.

බස් රථ 10ක්, ට්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර 01ක් හා ත්‍රීරෝද 07ක් එම පරිපූරක ඇස්තමේන්තු අනුමැතියෙන් ලබා ගැනීමට නියමිතය.

29 views

8 Comments to “ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට වාහන දෙකක් ගන්න කෝටි 19ක් අනුමතයි..”

  1. සිරිසේන says:

    නොනවතින රථ ගාය.

    • Rr says:

      බයය් යකො උබල ඉස්සරහ පොර talk දුන්නට.(මීට my3)😜

  2. sathya says:

    Cardinal is on the ISIS list. But he was very humble to reject Ranil Wickramasinghe’s Bulletproof Car because he thought of innocent people who are unprotected.

    These people are enjoying peoples sufferings, sorrows, worries………….

  3. Sinhalaya says:

    Dennatama hoda ගලි බවුසර් 02ක්, ithiri masa ganata.

  4. Asoka Liyanage says:

    මුට්ටිය දාලා බලනවා. හරි ගියොත් ආණ්ඩුවේ අයටත් ගන්න පුළුවන් හැම දෙයම ගමු ගෙදර යන්න ඉස්සර වෙලා.

    මගේ අදහස නම් රට පිරිසිදු කරන්න ගලි බෞසර් ටික නම් ගත්තට කමක් නැහැ.

  5. Sun says:

    I came across the time the Father Ranjith refused the type of cars as he was sitting with the people. Now I see the top leaders want stay away from people and spending taxpayers money . It is good to cut down all these unnecessary expenditure and use that for urgent things in asituation like this I suppose,

  6. Gayantha says:

    බදුර්දීන් සහ හිස්බුල්ලා මැදිහත් වෙලා සල්ලි ටිකකුත් පොම්ප කරාද දන්නේ නෑ බෝම්බ කේස් ටික යට ගහලා එයාලව බේරන්න ? පොඩ්ඩක් හොයලා බලන්න.

  7. Sara says:

    සමහර පොලීසිවලට රාජකාරි කටයුතු සදහා යන්න හරියමන් වාහන නැහැ මුන්ට සැප වාහන ඇයි තියෙන ඒවාට මක්වෙලාද. සමහර පොලීසි වල එක වහනයයි තියෙන්නේ අන්න ඒවාට වාහන අරන් දෙන්න. ඒ අයටයි හරිනම් වෙඩි නොවදින වාහන දෙන්න ඕන. අනේ ජනතවගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඊලග චන්දෙදි හරි තීරණයක් ගන්න. මේ වගේ හාල් පාරුවෝ පත් නොකර ඉන්න

Main News