‘ජනාධිපතිත් අපෙන්.. අගමැතිත් අපෙන්.. ශ‍්‍රීලනිප සන්ධානය ඇතත් එකක් නැතත් එකයි..’ කියමින් පොහොට්ටුව ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි..

June 30, 2019 at 6:26 am | lanka C news
‘ජනාධිපතිත් අපෙන්.. අගමැතිත් අපෙන්.. ශ‍්‍රීලනිප සන්ධානය ඇතත් එකක් නැතත් එකයි..’ කියමින් පොහොට්ටුව ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි..

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශකය අගෝස්තු 11 වන දින ප්‍රකාශයට පත් කරෙන අතර එය ප්‍රකාශයට පත්කිරීමට පෙර හා පසු ක්‍රියාත්මක මැතිවරණ මෙහෙයුම සෙනසුරාදා (29) ආරම්භ කෙරිණි.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන  සෙනසුරාදා (29) ආරම්භ කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, අනුබද්ධ සංවිධාන නියෝජිතයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන වෙනත් පක්ෂවල දිස්ත්‍රික් නායකයින් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ගම සමග පිළිසදරක් වැඩ සටහන අගෝස්තු 11 වන දිනට පෙර අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව රැස්වීම් 25,000 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ප්‍රචාරක වැඩසටහන්, ගෙන් ගෙටයාම්, මහජන රැලි පැවැත්වීමට අදාලව මෙ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු වලදී සාකච්ඡා කර තීරණවලට එළඹීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කුමන පක්ෂයක් සමග සන්ධානගත වුවද, නොවූවද මෙවර ජනාධිපති හා අගමැති දෙදෙනාම බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ රණතුංග මහතා අවධාරණය කළේ එම පක්ෂය මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් වල පල්ලට යවා ඇති බවය. ඔවුන් පිළිබදව ජනතාව තුල කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඇත්තේ කළකිරීමක් පමණක් බවත් රණතුංග මහතා කීවේය.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් ඇතිවන ඕනෑම පුළුල් සන්ධානයක ඡන්ද ලකුන පොහොට්ටුව බවත් පැවසූ රණතුංග මහතා ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රික්යේ ජයග්‍රහණය සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට බලපාන බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීමට කැප වෙනනයි ඉල්ලා සිටියේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

23 views

4 Comments to “‘ජනාධිපතිත් අපෙන්.. අගමැතිත් අපෙන්.. ශ‍්‍රීලනිප සන්ධානය ඇතත් එකක් නැතත් එකයි..’ කියමින් පොහොට්ටුව ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි..”

  1. Prabath says:

    ජනාධිපති අපේක්ෂක චමල්

  2. අප්පුහාමි says:

    මිනිස්සු වසලයෝ 225ම එලවන්නයි සූදානම….වසලයන්ට දැන් ජනතාව පෙනෙන්නේ තමන්ව ගිල දමන්නට සූදානම් රාක්ෂයෙක් වගෙයි.රකුසෙකුට දොළපිදේනි දී ගැලවෙනවා වගේ වසලයෝ හිතාගෙන ඉන්නේ වසලයන්ගෙන් එකෙක් දෙන්නෙක් බිල්ලට දී ඉතිරි වසලයන්ට ජනතාවගෙන් බේරෙන්න පුළුවනි කියායි.අද ජනතාව වාහන වල නලා ශබ්ද කර වසලන්ව එලවන්නට පටන් අරන්..හෙට වෙනකොට පොලු ගල්මුගුරැ වලින් ගසා එලවාවි..ඒ හෙට, එතකොට අනිද්දාට වසලයන්ට ජනතාවගෙන් අත්වෙන්න යන ඉරණම ?වසලයන්ට හොඳම දේ දැන්මම කොහාට හරි පැනගන්න එකයි.

  3. Saradiel says:

    ශ‍්‍රීලනිප සන්ධානය දැන් ඇටසැකිල්ලක් පමණයි

Main News