ජනාධිපතිත් ආ උත්සවයේ උදෑසන ආහාර වේල රුපියල් ලක්‍ෂ 15යි..

September 29, 2017 at 10:40 am | lanka C news
ජනාධිපතිත් ආ උත්සවයේ උදෑසන ආහාර වේල රුපියල් ලක්‍ෂ 15යි..

ජනාධිපතිවරයාද සහභාගීවූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක උදෑසන ආහාරය සදහා රැපියල් මිලියන 1.5 බිලක් ගෙවීමට කෘෂීකර්ම ඇමතිවරයා උපදෙස්දුන් බවට එල්ල වන චෝදනා සුළුවෙන් තැකිය නොහැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලක්ෂ පහලොවක උදේ ආහාර ගත්තේ කොයින්ද?

සරළ ජනාධිපතිවරයාද සහභාගීවූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක උදෑසන ආහාරය සදහා රැපියල් මිලියන 1.5 බිලක් ගෙවීමට කෘෂී කර්ම ඇමතිවරයා උපදෙස්දුන් බව කොමර්ෂල් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා විසින් කරනු ලබන ප‍්‍රශ්නය සුලුකොට තැකිය නොහැක්කේ මෙරට නියගයෙන් පීඩාවිදින ජනතාව දවසට කන්නේ එක් වේලක් බව එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානයක් විසින් හෙළිකර තිබෙන බැවින්ය  අප වෙත ලැබී ඇති තොරතුරැවලට අනුව එම උත්සවය සදහා සහභාගීවූ පිරිස පන්දහසක් ලෙස ජාතික ආහාර  ප්‍රවර්ධන මණ්ඩලය සදහන් කර ඇතත්  එපමණ ප්‍රමාණයක් සහභාගීවූවාද යන්න පවා සැක සහිතය

එසේ වූවත් එපමණ සංඛ්‍යාවකට උදෑසන ආහාර වේල ලබා ගැනීම සදහා වියදම් වූ මුදල ලක්ෂපහලවකි ඒ අනුව එක් පුදගලයෙකුට වැය කර ඇති මුදල රැපියල් 300 කි ජාතික ආහාර  ප්‍රවර්ධන මණ්ඩලය නිර්දේශ කරනුයේ වසවිස නැති දේශීය ආහාර වේලකි එසේ නම් අපට ඇසිය යුතුව ඇත්තේ උදෑසන ආහාරය සදහා දේශීය ආහාර වේලක් රැපියල් 300 වන්නේ කෙසේද? යන්න හා මෙම මිලට දේශීය ආහාර වේලක් ලබා ගැනීම මෙරට පාරිභෝගිකයෙකුට හැකිද යන්නයි තවදුරටත් අප ප්‍රශ්ණ කරනුයේ රැපියල් 300 කට බිරියානි එකක් පාරිභෝගිකයෙකුට මිලදී ගත හැකිව තිබියදී මෙසේ විශාල ධනස්කන්දයක් වියදම් කර ලබා දෙන උදෑසන ආහාරය ලබා දුන්නේ රත්‍රන් ආලේපිත පිගානකද යන්නයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙරට ජනතාවගේ මුදල් අනිසි ආකාරයෙන් කබාසිනියා කිරීම පිළිබදව වාර්තාවූයේ අද ඊයේ නොවේ කෝටි ගණනක් කුළිය වශයෙන් මාසිකව ගෙවමින් තවමත් භාවිතා නොකරන ගොඩනැගිල්ලක් තවමත් නඩත්තු කරමින් සිටී

මෙම අමාත්‍යාංශ කරනු ලබන නාස්තිකාර වියදම් නිසා එම බර දැරීමට සිදුව ඇත්තේ මෙරට පාරිභෝගිකයින්ටය බහුතර ජනතාවතේ මාසික ආදායම රැපියල් 30000 ක් වන අතර එයින් මසකට රජයට ගෙවන බදු මුදල රැපියල් 11000 කට ආසන්නය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වියදම් පිළිබදව වහාම විගණනාධිපතිවරයාගේ වාර්තාවක් කැදවන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු

ස්තුතියි

රංජිත් විතානගේ
සභාපති

27 views

4 Comments to “ජනාධිපතිත් ආ උත්සවයේ උදෑසන ආහාර වේල රුපියල් ලක්‍ෂ 15යි..”

  1. 62laks says:

    ඔතන හිටියේ වැඩිම උනොත් 1500 – 2000 ක්.
    දීපු ආහාරයේ වටිනාකම 140 යි.

    140 x 2000 = 280,000.00
    ගෙවීමට නියෝග කරන මුදල = 1,500,000.00

    .සරල තුමා ආපු උත්සවේ නිසා 280,000 ක් මදි වගේ ඇති. එතුමාගේ පරවුඩත්වයට ත් එක්ක ලොකුවට පේන්න ලක්‍ෂ 15 දීල දාමු.

  2. බබා උක්කුන් says:

    සරල ජනාධිපති කෙසෙල් කොලේ කට්ට සම්බෝල එක්ක කිරිබත් කෑල්ලක් කාල.
    පක්ෂ ලේකම් සබිතගේ බිල්ඩිමට දෙන පෙන් කුලී පාටිය වෙන්න ඇති.
    නොදකින් මෙහෙමත් කාලකන්නි

    • asaranaya says:

      අනේ අම්මපා යුද්දය තිබුනානම් මෙලහකට තියලා මල් වඩම් අනවශ්ශයි

  3. Asoka says:

    ඕවා මොනවද බන් ඉස්සර අරලියගහ මන්දිරේ කෑම බිල විතරක් දවසට (තුන් වේලකට) ලක්ෂ 100 පන්නලා. සමහර උත්සව දිනවල ලක්ෂ 400ත් පන්නලා. මු නිකම් මුරුංගා හොදියි බතුයිනේ දීලා තියෙන්නේ. චිහ් අරයා හිටියානම් බ්ලැක් ලේබල් එහෙම බීලා කොහම කනවද ? පාර්ලිමේන්තුවේ දවසක මුන්ගේ කෑම බීලම ලක්ෂ 200 පන්නලා. මේවා මොනවද ?

Main News