ජනාධිපතිත් රේගු වෘත්තීය සමිති සමග එකගවේ.. රේගුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් පත් කිරීම විරුද්ද වේ..

January 31, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිත් රේගු වෘත්තීය සමිති සමග එකගවේ.. රේගුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් පත් කිරීම විරුද්ද වේ..

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විරෝධය පල කර ඇති බව වාර්තා වෙයි.

මුදල් ඇමතිවරයාගේ කැබිනට් පත‍්‍රිකායට විරෝධය දක්වමින් ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කල යුතුව ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) අයෙකු බවත් ඉන් පිටස්තර විශ්‍රාමිකයන් පත් කිරීම හේතුවෙන් රේගු නිලධාරීන් පසුබැසීමට හේතු වී ඇති බවත් රාජ්‍ය සේවයේ මෙවැනි පත් කිරීම් නුසුදුසු බවත් ජනාධිපතිවරයා නිර්දේශ මගින් පෙන්වා දී ඇත.

මෙම තනතුරට සුදුසුකම් ඇති නිලධාරීන් එම සේවාව තුලම උවමනා තරම් සිටින බවත් මෙම පත් කිරීමට තමන් එකග නොවන බවත් ජනාධිපතිවරයා දන්වා ඇති බවද වාර්තා වේ.

මෙරට සිදු වූ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 16ක බී.එම්.ඩබ්. වාහන වංචාව සොයා ගන්නා ලද්දේද චාල්ස් මහත්මියයි.

30,604 Viewers

5 Comments to “ජනාධිපතිත් රේගු වෘත්තීය සමිති සමග එකගවේ.. රේගුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් පත් කිරීම විරුද්ද වේ..”

  1. ranawiruwa says:

    janadhipathi thuma ranilgen ain unata passe niyama hari theerana ganne

  2. SMA Panadura says:

    They want to rob more and more. That is why they are going to replace the honest and competent officials with their henchmen. President, please stop this by using your executive powers.

  3. Gotaimbara says:

    Well done Mr President. Show your backbone to this Napunsaka lot.

  4. gadol says:

    ජනාදිපතිතුමට අපේ ස්තුතිය

  5. Buruwa says:

    Please prepare for Presidential Election.

Main News