ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..

May 17, 2019 at 10:27 pm | lanka C news
ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..

ජනාධිපතිවරයාගේ ප‍්‍රධාවත්වයෙන් ගාල්ල, හික්කඩුව තොටගමුව පුරාණ රත්පත් රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවට අනාරාධිතව ගොඩ වූ භික්‍ෂුන්ෂු වහන්සේ නමක් ඉල්ලීම් දෙකක් සිදු කලේය.

ජනාධිපතිවරයාද සභාවේ සිටියදී එසේ වේදිකාවට ගොඩවී මයික‍්‍රෆෝනය ගෙන කෙටි දේශනාවක් පැවැත්වූයේ බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් විසිනි.

උන් වහන්සේ විසින් කරන ලද මුල් ඉල්ලීම වූයේ සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනකු නිදහස් කරන ලෙසයි. ඥාණසාර හිමියන් විසින් 2010දී කරන ලද ප‍්‍රකාශ නිවැරදී බවද උන් වහන්සේ කීහ.

හිමියන්ගේ දෙවැනි ඉල්ලීම වූයේ ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද නැද්ද යන්න පැහැදිලි කරන ලෙසයි.

එම උත්සවයට මංගල සමරවීර ඇමතිවරයා පැමිණියේ නම් සියළු භික්‍ෂූන් වහන්සේලා ඉවත්ව යාමට සූදානමින් සිටි බවද උන් වහන්සේ පැවසූහ.

36 views

21 Comments to “ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..”

  1. Ravana Parapura says:

    ලංකාව අල්ල ගෙන වසර 500 ක් සැමරීම සඳහා පරන්ගියට ලංකාවට ආරාධනා කල රනිල් ලොම් හැලුන හිවල් මොටෙ කි. ටිකිරි රාජසිංහ කේ සර සිංහයෙකි. එ ජා ප යට චන්දෙ දෙන ද්‍රෝහීන්ට යන්න වෙනම අපායක් අවශ්ෂ්‍ය වන්නේය. මුන්ගේ නායකයෝ මොනතරම් නම් හමුදාවට පාච්චල් කලෙදැය් මේ චන්ද දායකයෝ නොදන්නේද / ලැජ්ජාවක් නැතිව මෙයාලා දැන් නිදහසේ ඉන්නේ බජව් දාන්නේ කොහොමද දෙය්යනේ.. ?

  2. Sadda says:

    සත්‍යා යනු කිසිම දේශපාලන දැනුමක් නැති ,හිස් ප්‍රලාප කොටන, මන්ද බුද්ධ්කයෙක් වගේ මටනම් පෙනෙන්නේ.

Main News