ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

May 31, 2021 at 10:28 pm | lanka C news
ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයය කිරීම මගින් ජනාධිපතිතුමන්ගේ සද්භාවය සම්බන්ධයෙන් ගැටළු ඇති වන බැවින් කිසිසේතම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ‍ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්්‍යාලය,
කොළඔ.

ගරු ජනාධිපතිතුමනි,

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ඔබතුමාගේ සද්භාවය අහෝසි වේ – කිසිසේත්ම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලීම.

ආනයනික කෘෂි රසායන සඳහා සීමාවක් පැනවීමට ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් උපාය මාර්ගික තීන්දුවකි. වස විෂ නැති ගොවිතැන් ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය ප්‍රශ්නයට විසදුම් සෙවීම සඳහා ඔබතුමා විසින් ගනු ලබන උත්සාහය ඉතා සද්භාවයෙන් යුතුව කෙරෙන දෙයක් බවද අපි තරයේ විශ්වාස කරමු. නමුත් ඇත්ත වශයෙන්ම එම තීන්දුව හුදු මහජන සෞඛ්‍ය හෝ කෘෂි නිෂ්පාදන පද්ධතිය අරක්ෂා කිරීම යන මතු පිටින් පෙනෙන අරමුණු ඉක්මවා යන දේශපාලන ආර්ථික පෙරළියක ආරම්භයකි. එනම් හරිත විප්ලවය නම් වූ ක්‍රියාවලිය හරහා ලෝකය පුරා ආහාර නිෂ්පාදන පද්ධතීන් පරාධීනත්වයට නතු කිරීමේ මහා දේශපාලන ආර්ථික කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ගනු ලබන ආරම්භක පියවරකි.

හරිත විප්ලවය යනු යටත් විජිත සමයේදී සිදුකළ ආකාරයට භූමිය කොල්ලකමින් ස්වදේශික ජනයා ශ්‍රම වහල්භාවයේ ගිල්වමින් පවත්වාගෙන යනු ලැබූ නිෂ්පාදන පද්ධතිය නිදහස ලබාදීමෙන් පසු තවදුරටත් වඩා ප්‍රතිඵලදායක ලෙස පවත්වාගෙන යෑම සඳහා යොදාගත් වඩා දියුණු සහ විද්‍යාවේ නාමයෙන් අලෙවිකරනු ලැබූ සංකල්පයකි. එහිදී කෘෂී රසායනික ද්‍රව්‍ය, බීජ සහ නව තාක්ෂණය යන යෙදවුම් මුල්කරගෙන වෙළෙඳපොළ, තාක්ෂණය සහ නීතිය යොදා ගනිමින් මහා සමාගම්වල ගෝලීය ඒකාධිකාරයක් ගොඩනගනු ලබයි. ඒ තුළ ගොවියා සහ මහා සමාගම් අතර වැඩවසම් සබඳතාවයක් ගොඩෙනැගෙන අතර සමස්ථ නිෂ්පාදන පද්ධතිය බාහිර යෙදවුම් මත යැපෙන පරාධීන තත්වයකට පත්කෙරේ. ලෝකයේ ආහාර නිෂ්පාදන තොගයෙන් 75% කුඩා ගොවීන් විසින් නිපදවන තත්වයක් යටතේ මහා සමාගම් විසින් ලෝක ආහාර වෙළෙඳපොළ හසුරුවනු ලබන්නේ ඒ ආකාරයට ය. ඒ අනුව ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව නිවැරදිව විග්‍රහ කිරීමේදී එය අප රටේ නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීමේ විප්ලවයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

ඒ නිසා ඊට එරෙහිව ප්‍රතිවිප්ලවයක් දියත් වන බවට අපට නම් කිසිදු සැකයක් නැත. එහිදී ගෝලීය මහා සමාගම් විසින් නඩත්තු කරන විදුවතුන් යැයි හදුන්වාගන්නා යම් නිලධාරීන් ප්‍රතිවිප්ලවයේ ඉදිරිපෙල සටන්කරුවන් බවට පත්වනු ඇත. ඔවුන්ගේ මූලික සටන් උපාය මාර්ගය තුළ සටන් උපක්‍්‍රම දෙකක් හඳුනාගත හැක. පළමු වැන්න ඔබතුමාගේ සද්භාවය ප්‍රශ්න කිරීමය. දෙවැන්න ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව තාක්ෂණිකව නිවැරදි නොවන බව සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට ප්‍රභල මතවාදයක් තහවුරු කිරීමය. ඊනියා ප්‍රතිවිප්ලවවාදීන් එම උපක්‍රම දෙකම ඉතා සාර්ථකව යොදාගන්නා බව අප විසින් නිරීක්ෂණය කරනු ලබයි.
ඔබතුමාගේ සද්භාවය අභියෝගයට ලක්කිරීම සඳහා යොදාගත හැකි ඉතා දියුණු ප්‍රවේශයක් වන්නේ ඔබතුමාගේ තීන්දුව ඉහත සඳහන් කළ දේශපාලන ආර්ථික උපායමාර්ගය මත පදනම් වන්නක් නොව එය යම් ජාවාරම්කාරයින් පිරිසකට වෙළෙඳපොළක් බිහිකිරීම සඳහා කරනු ලබන සුක්ෂම මෙහෙයුමක් බව තහවුරු කිරීමය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය සඳහා ආණ්ඩුව විසින් ඉඩ ලබාදුනහොත් ප්‍රතිවිප්ලවකාරයින්ට වාසි සහගත ලෙස ඔවුන්ගේ මතවාදය තහවුරු වේ. විශේෂයෙන්ම ඊලඟ කන්නය සඳහා රසායනික පොහොර තොග ප්‍රමාණවත් වන බවට ආණ්ඩුවේ පාර්ශ්ව විසින් තර්ක ඉදිරිපත් කරන අතර කාබනික පොහොර ආනයනය සඳහා කිසිදු විද්වත් සංවාදයකින් තොරව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් සතුරාගේ මතවාදයන් වඩාත් හොදින් තහවුරු වේ.

ඔබතුමාගේ තීන්දුවට සතුරු බලවේග වල දෙවන උපක්‍්‍රමය වන රසායනික පොහොර තහනම නිසා බරපතළ අස්වනු අඩුවීමක් සිදුවිය හැකිය යන මතවාදය විසින් ඕනෑම ආණ්ඩුවක් දෙවරක් සිතා බැලීමට පොළඹවන බවට සැකයක් නැත. ඒ නිසා ඊට තාක්ෂණිකව දැඩි ප්‍රහාරයක් එල්ල කළ යුතුය. නමුත් ජනමාධ්‍ය මගින් එම යුතුකම ඉටු කරන බවක් පෙනෙන්නේ නැත. යම් ව්‍යාජ විද්වතුන් අස්වැන්න 60% අඩුවිය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව මත ප්‍රකාශ කරන්නේ එසේ ඔවුන්ට පාළුගෙයි වළං බිදීමට හැකි වී ඇති නිසාය. එහිදී රසායනික ද්‍රව්‍යය මගින් මරාදමා ඇති පස පුනර්ජනනය කිරීම සඳහා ගත විය හැකි වසර 2 -3 කාලය තුළ යම් අස්වනු අඩුවීමක් සිදුවිය හැක. ඊට මුහුණ දීමෙන් තොරව එනම් ශල්‍යකර්මයකින් තොරව පිළිකාව සුවකළ නොහැකි බව පමා වී හෝ පිළිගැනීමට සිදුවේ. ලෝකයේ බෝහෝ රටවල විශේෂයෙන්ම ඉන්දියාවේ “ශුන්‍ය පිරිවැය” වගාක්‍්‍රම මගින් එසේ කෙටිකාලීනව සුළු වශයෙන් අඩුවිය හැකි අස්වැන්න පසුව තිබුණු මට්ටමටත් වඩා වැඩි වන බව ඔප්පු වී ඇත. ඊට අමරතව කාබනික හෙවත් ස්වභාවික ගොවිතැන් ක්‍රම යොදාගැනීමේදී ඒක බෝගවගාව වෙනුවට බෝග විවිධත්වය දිරිමත් වන බැවින් සමස්ථ ආහාර තොගයේ වැඩිවීමක් සිදුවේ. ඒ අනුව රසායනික පොහොර තහනම සමග ආහාර සංස්කෘතියද වෙනස් කර ගැනීමට බලකෙරේ. එය ඉතා හොඳ දෙයකි.

ඒ අනුව පෙනීයන්නේ විශේෂයෙන්ම සතුරු ප්‍රතිප්‍රහාරවලට මුහුණදීම සඳහා හදිසි සහ අහඹු තීන්දු ගැනීම වෙනුවට විධිමත් උපායමාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කිරීමට සිදුවන බවය.

අප සංවිධානය විසින් ඊට අදාළව දොළොස් වැදැරූම් උපායමාර්ගික ප්‍රවේශයක් ඔබතුමා වෙත ඉදිරිපත් කර ඇත. ක්‍රියාකාරකම්, වැඩසටහන් හෝ පරිපාලන යන්ත්‍රණ සහ ක්‍රමවේද ප්‍රතිඵලදායක වන්නේ උපාය මාර්ගික ප්‍රවේශය නිවැරදි සහ ප්‍රතිඵලදායක වන්නේනම් පමණි. උපාය මාර්ගික ප්‍රවේශය වැරදිනම් එතැනින් පහළ සියල්ල නිෂ්ඵල හෙවත් සතුරාට වාසි සහගත ලෙස අසාර්ථක වනු ඇත.

විශේෂයෙන්ම මහජනයා හෝ විද්වතුන් සමග නිසි සංවාදයකින් තොරව හදිසි අවශ්‍යතාවයක් ලෙස අමාත්‍ය මණ්ඩල ප්‍රත්‍රිකාවක් ඉදිරිපත් කොට කාබනික පොහොර ආනයනය සඳහා අවසර ගැනීමට උත්සාහ කිරීම තුළ උපාය මාර්ගික ප්‍රවේශයේ දුප්පත්කම පැහැදිලි වේ. ඒ නිසා පළමුවෙන්ම කාබනික පොහොර වර්ග කිසිවක් ආනයනයට ඉඩ නොදෙන බව ස්ථිරසාරව ප්‍රකාශකිරීම ඉතා වැදගත් වේ. අඩුතරමින් අමාත්‍යමණ්ඩල පත්‍රිකාව පිළිබඳ තීන්දුව කල්දැමීම මගින් සද්භාවය පෙන්වීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිනම් එතැන් පටන් ආරම්භ වන්නේ ඔබතුමා විසින් ගනුලැබූ වටිනා ඓතිහාසික තීන්දුවට පහර දී බිම දැමීමේ ක්‍රියාවලිය බව අපට නම් කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් දිර්ඝ කාලීනව කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය සිතා ගැනීමටවත් නොහැක. එවැනි තත්වයකදී ඔබතුමාගේ කිර්තිනාමයට සිදුවන හානිය මගින් අනාගතයේදී අවසන් කිරීම සඳහා අප විසින් දෑස් දල්වාගෙන බලා සිටින මහා පරිවර්ථනයන්ට බලවත් අගතියක් සිදුවනු ඇත.

දෙවනුව සඳහන් කළ යුත්තේ ප්‍රයෝගිකව හෝ තාක්ෂණිකව මේ නිශ්චිත මොහොතේ කාබනික පොහොර ආනයනයට ඉඩදීම කිසිසේත්ම සාධාරණිකරණය කළ නොහැකි බවය. දැනටමත් අප රටේ විද්වතුන් විසින් සොයාගත් ජෛව පොහොර මහා පරිමානයෙන් නිෂ්පාදනය කෙරෙන තත්වයක් තුළ පළමුව කළ යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා සහය ලබාදීමය. දෙවනුව කොම්පොස්ට් පොහොර යන දේශියව ගොවිපොළ ආශ්‍රිතව පවතින කෘෂි අපද්‍රව්‍යය වලින් නිපදවිය යුතු දෙයක් මිස වෙනත් ස්ථානයක නිපදවා අනයනය කොට මධ්‍යගතව බොදාහැරිය යුතු දෙයක් නොවේ. නාගරික අපද්‍රව්‍ය වලින් මහා පරිමානයෙන් නිපදවන පොහොර පවා ප්‍රදේශය ආශ්‍රිතව බොදා හැරීම වඩා තර්කානු කූල වේ. ඒ අනුව ජාතික සංවිධාන ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කාබනික පොහොර ආනයනයට කිසිසේතම ඉඩ ලබා නොදෙන ලෙස සහ අප විසින් ඉදිරිපත් කළ 12 වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබදව දැඩි අවධානය යොමුකරන ලෙසය.
තෙරුවන් සරණයි

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

108,826 views

31 Comments to “ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..”

  1. වසවිසනැති ගොවිතැන ඡාතියක්වශයෙන් තබනලද විශාළ ඉදිරි පිම්මකි..! says:

    වසවිසනැති ගොවිතැන ඡාතියක්වශයෙන් තබනලද විශාළ ඉදිරි පිම්මකි ඵය කිවිටකත් අාපසු හැරවීමට ඉඩ නොතැබියයුතුයි..!
    කාබනිකපොහොර සහ වසවිස නොමැති වගාවන් පිළිබඳව ලාංකික පාළකයන්ට සහ උපදේශකයන්ට අබමල්රේණුවක වැටහිමක් නොමැත.!

    වහාම ”මහාචාර්‍ය” කන්දේගම මහතා හෙළ කෘෂිකර්මයේ , වසවිසනැති ගොවිතැන පිළිබඳව උපදේශක තනතුරට පත්කළයුතුයි..!
    ඡනාදිපති වටේ සිටින සාමාන්‍යදැනිම බින්දුවටත් පහළ බූරෑ උපදේශකයන් මීහරක් බටහිර පොත් පෙරළන මුග්ධයන් ගොන් රෑන්පිටින් පන්නාදැමිය යුතුයි..!
    යම් උපදේශකයෙක් කොමිස් කුට්ටි සදහා කාබනික පොහොර පිටින් ගෙන්විමට උපදෙස් දී තිබෙන්නේදැයි සැක සහිතයි.මේ ප්‍රකාශය තුළ යම්කන්ඩායමක් ඡනාදිපතිතුමා හාස්‍යට ලක්කරන බව අපගේ වැටහීමයි.

    වසවිසනැති ගොවිතැන ඡාතියක්වශයෙන් තබනලද විශාළ ඉදිරි පිම්මකි ඵය කිවිටකත් අාපසු හැරවීමට ඉඩ නොතැබියයුතුයි..!

    • Sayumi says:

      👍👍👍

    • Covi18+ says:

      ඇත්ත! කිසිවෙකු විසින් කීඉමට ඉදිරිපත් නොවන මෙවැනි දේ කරවා ගැනීමටයි මෙතුමාව මිනිසුන් පත් කළේ. එබැවින් අප විසින් මේ තීරණ ආරක්ෂා කළ යුතුය. මෙහි යහපත විද්වත් සාකච්චා හරහා මිනිසුන් අතරට යැවිය යුතුය. එවැන්නක් සිදු කළ හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් ජනාධිපති තුමා සතුව ඇති බවක් නොපෙනේ.

  2. Wijebahu says:

    He never had a sadhbaawaya. Just a inept coverd.

  3. නිශ්ශබ්දතාවය වෙනුවෙන් පොදුජන පවුර says:

    අමරසේකර නාකියෝ… පන්සල්වල බෙරිහන් දෙන ලවුඩ්ස්පීකර් ගලවලා දමන්න කියාපන්… මිනිස්සුන්ට කන්න දෙයක් විකුණන වාහනයක් එන සද්දයක්වත් ඇහෙන්නෙ නෑ…

    • උබ රාජපක්ෂලාගේ ලග නෑදයෙක් නේද says:

      උබ රාජපක්ෂලාගේ ලග නෑදයෙක් නේද. මාතෘකාවෙන් මගාරින්න පිස්සු ලියන්නේ.

      • Sudesh says:

        වෙන්ඩ බෑ.යමක් ඇහුවොත් ඒකට කෙලින් සිංහයො වගේ උත්තර දීමයි රාජපක්ෂලගෙ සිරිත . අහන එකට උත්තර දීගන්ඩ බැරිඋනාම ගලේ රීපු බළල්ලු ඒක වහනව වගේ වෙන වෙන බයිලා ගහන්නෙ නම් ගූ ඇන්පී ගෙරියො තමයි.

        • KG says:

          Rajapasse guuuth saman mal suwadilu hondee

        • නරි කෑ මල් says:

          වෙන්ඩ බෑ.යමක් ඇහුවොත් ගලේ රීපු බළල්ලු ඒක වහනව වගේ වෙන වෙන බයිලා ගහන්නෙ රාජපක්ෂ ගෙරියො තමයි

    • susa says:

      නිශ්ශබ්දතාවය වෙනුවෙන් පොදුජන පවුර topita ra dawal natuwa tambi tappulanawa ahenne natda mu parayekta jatakawela lankawe ipaduna napunsakayek tope acila ammala parayanta allapueke warada tama rate pawata ipadicha kalakanii

    • Kimbula🐊 says:

      පන්සලේ සද්දෙ වැඩි නම් සද්දෙ නැති රටකට පලයන්. පන්සලේ සද්දෙ නුරුස්සන්නෙ මිත්යාදෘශ්ටික යක්කු. පිරිත් ඇහෙනකොට උන්ගෙ ඇඟ දනවාලු🤣

    • ugathekuta dahasak golayo wandina pudana garahana oba O.Lwath nethi mugdayek baninna matath baninna ugathunta garahanna epa.

    • Kimuhun says:

      ලවුඩ්ස්පීකර් දාගෙන වටේටම ඇහෙන්න බණ පිරිත් දැමීම බුදු දහම නොවේ. බුදු හාමුරුවො දේශනා කරේ අවිහිංසා වාදී ක්‍රමවේදයක්. ඕකට ඔය තරම් ඔළුවෙන් හිටගන්න ඕනෙ නෑ.. ගිහින් බලාපල්ලා භාවනායෝගීව සිටින ගිහි පැවිති උතුමන් වැඩඉන්න ආරාමයකට.. එක දොරක් වැහෙන සද්දයක් තියෙනවාද කියල. බුදු දහම ඉගෙනගන්න අව්බෝධකරගන්න සද්දය බාධාවක්. අනික එහෙම සද්ද දැම්මාම පන්සලයි පල්ලියයි කෝවිලයි වෙනසක් නෑ.

    • bolpilima says:

      යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ මේ වා ට තමයි

  4. Great Request says:

    Great request to get open all empty heads.

  5. වෙනස්වනටොයියා says:

    මේක සහතික ඇත්තයි. හොඳ තාර්කික පැහැදිලි කිරීමක්. ජනාධිපතිතුමාගේ තීරණය ගැන කලබල වෙන්න අවශ්‍යනෑ. ප්‍රධානම දැඩි තීරණය ඉතා හොඳයි. නමුත් වෙනස කල යුත්තේ ක්‍රමානුකූලව මිසක් ක්ෂණයකින් නොවේ. එවිට සියළු පද්ධතීන් ක්‍රමානුකූලව හැඩගැහෙනවා. ඉස්සර ගම්වල කොල පෝර පිදුරු දාලා වැව්වට අපි කවුරුත් මහා පරිමාණයෙන් මේ කාබනික පෝර වලින් විතරක් රටකට කන්න දීල නෑ. ඒ නිසා එහෙමකරන්න යනකොට අනපේක්ෂිත අලුත් ප්‍රශ්ණ එන්න පුළුවන්. ඒ නිසා මෙතුමාගෙ යෝජනාව ජනාධිපති පිලිඅරගෙන පියවරෙන් පියවර කාබනික වගාවට යා යුතුයි.

  6. KG says:

    As ususal selling race,religeon, farmers..this time nicely planned with hurry..ppl know the intention..approved for international deal..deposit some in swiss bank

  7. Nande says:

    විමලේ… කෝ මේ විමලේ… Lemon Puff එකක් කාලා ඉක්මනට වරෙන්කෝ එලියට… විජාතික බලවේග සහ රට පාවා දීම් විකිණීම් ගැන කෑ ගහ ගහ කතා කරන්න… කැන්දසේන නරියා රට කාලා කෑලි විකුණ විකුණනන්යි යන්නෙ…

  8. Gon Bijjaa says:

    Karbanika pohora kiyalaa Cheenaye ahaka daana kunu kasala aanayanaya kaloth, epaa kiyannada?Mehema giyoth Cheena aahaara kiyala, unge kakkath genwanna bari naha!!

  9. සිසිල් සුදේශ් says:

    සද්භාවයක් නැති බව අපි නම් දැනගෙන ගොඩක් කල්.