ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

January 14, 2022 at 3:50 pm | lanka C news
ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

පොහොර යුද පිටිය මැදට ගිහින් හැරිලා බලද්දි තමන් සහ ජනාධිපතිතුමා දමා අනෙක් සියලු දෙනා පැනගොස් තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

දිනපතා පුවත්පතක් වෙත සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

අවුරුදු 50ක් මේ රටේ මුල්බැහැගත්තු දැවැන්ත රසායනික පොහොර ඇබ්බැහියකින් රට මුදවනවා කියන එක, ඒ දැවැන්ත මාෆියාවත් එක්ක හැප්පෙනවාය කියන එක විශාල අභියෝගයක්. ඒක දැනගෙනමයි මේ වැඩේට බැස්සේ. එතකොට ඒ සා දෙයක් එක්ක හැප්පෙන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක එල්.ටී.ටී.ඊ. යත් එක්ක හැප්පුන එකට පස්සේ මේ රටේ කරපු ලොකුම යුද්ධය. මේක එල්.ටී.ටී.ඊ. යුද්ධයට වැඩියෙන් මිනිස්සු මැරුව, අදටත් මිනිස්සු මරණ ත්‍රස්තවාදයකට එරෙහිව කරපු යුද්ධයක්. මේකත් හැබෑම මානුෂික මෙහෙයුමක්. ඒ නිසා මේ සටනට අපේ අනෙක් හැම බලඇණියක්ම ලැහැස්තිකරමින් අපි මේ යුද පිටියට යමු කියලා මම ජනාධිපතිතුමාට කිව්වා. ඒ වුණත් යුද පිටියට බැහැලා ගහගෙන ගහගෙන ඒ මැදට ගිහින් බලනකොට එතැන හිටියේ මමත්, ජනාධිපතිතුමාත් විතරයි. අනෙක් බලඇණි එකක්වත් අපේ පස්සෙන් ඇවිත් තිබුණේ නැහැ. අන්තිමේදී ඒ යුද පිටියේ මමත්, ජනාධිපතිතුමාත් තනිවුණා.

මේ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් හැදුවා. ඒක එක දවසක්වත් රැස්වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට ඇවිත් ගැහුවා මේකට. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු 40ක් අත්සන් කරලා මෙයට අකමැත්ත පළ කරලා ලියුමක් දුන්නා. මේ ප්‍රතිපත්තියෙන් හොඳම වාසිය වෙන්නේ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයට හා පරිසර අමාත්‍යංශයට. ඒත් පරිසර ඇමැති මේ ව්‍යාපෘතිය විවේචනය කළා. සෞඛ්‍ය අමාත්‍යංශය එක මාධ්‍ය සාකච්ඡාවක් හෝ තිබ්බෙ නෑ මේ ව්‍යාපෘතියේ සෞඛ්‍ය වැදගත්කම කියන්න. අපේ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් මේකට සහය දුන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය කරට ගන්න ඕනේ අයගෙන් සියයට අනූවක් කරඇරියා. ඒකට හේතුත් තියෙනවා. සමහරු මේ ව්‍යාපෘතිය බොරකරලා ඒකෙ දේශපාලන මාළු බෑවා. සමහරු මේකෙ ආර්ථික මාළු බෑවා. මේ දෙගොල්ලොම ඒ වෙනුවෙන් මට වටකරගෙන ගැහුවා.

41,526 views

24 Comments to “ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…”

  1. heenbanda says:

    බොරු බයිලා වැඩක් නෑ. අසරණ උන ගොවියන් සාප කරනවා තොපිලට. අනිවා කල දැ පල දිය යුතුයි.

  2. බයි නාටක says:

    ඔයා ඕවා ගනං ගන්න එපා බං මහින්ද. මාත් එක්ක ඉන්නකොට ඔය වගේ පරිප්පු කන්න වෙනවා. හිහ්, හිහ්…

    මීට,
    හිඟන විභූෂන පම්පෝරි විශාරද පෝලිම් චක්‍රවර්තී සාගතාභිමාණි

  3. චන්ද දායක says:

    පව් නෙ.?

  4. Balana Rala says:

    Yes…it’s correct…. everyone else have escaped….it’s a great effort but the way that it initiated was wrong. The principal behind was amazing but the execution was a failure..

  5. Scandinavian doc says:

    Moo hora habay me kiyana kathawa atta. Lankawa IQ70 ratak. Suddo wage daksha ne, diyunu wenna be mole nathi nisa. Ekay atta.

  6. රජරට බයියා says:

    සහයෝගය දුන්නේ නෑ, මග ඇරියා, අපි තනිවුනා, ඔවාට කෙලින් තීරණ ගන්න ඔනෑ ඇමතිතුමා. ඒකට තමයි ඇමතිට විධායක බලතල දීල තියෙන්නේ. සහයෝහය දුන්නේ නැත්නම් ඒ අයව අයින්කරලා දාන්න තිබුනා. වැරදි කරන අය තියගෙන කනවෝ කනවෝ කිය කියා ඉදලා හරියන්නේ නෑ. ඔය වැරදි කරන අය පුනරුත්ථාපනය කරන්න බෑ. ඒ අය පරණ දේටම තමයි ඇදිලා යන්නේ.

  7. rosi says:

    thoi thoge buru weda bari tarzenui arenna hamotama mole tiyanawa…mulu likema waga karanne rasayanika pohora yodagena…ehenam mulu lokema miniss marenna onane….thope maha ekaa mole marichcha modayek..giya sathiye irida aruna paththare aran balapan….eke thope naki maina kiyala thiyenawa kabanika pohora yojanawa genawe goviya gowikamin ayin karanna kiyala…kohomath gobba senaya one lanuwak gilinawane…moda wesige putha lankawa kewa…thope parampara walata wahi naathi hena path wela ballo balallu wage widola marenne…hamoma sapa karanawa..

  8. Well Pambaya says:

    Sales Repa ada thaniyama wela madde…
    Ane Pawu! Amathilamata wada homdai, wele Pambayek unanam.

  9. Gon athal says:

    You are all Neela Kammba Pal Haru…

  10. Eri Claud says:

    Mahindananda talking bullshit. He is the one who have to take responsibility for all these problems. He himself created the problem. He is the one who took farmers to the streets. Now talking bullshit.

Main News