ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…
January 14, 2022 at 3:50 pm | lanka C news
පොහොර යුද පිටිය මැදට ගිහින් හැරිලා බලද්දි තමන් සහ ජනාධිපතිතුමා දමා අනෙක් සියලු දෙනා පැනගොස් තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
දිනපතා පුවත්පතක් වෙත සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
අවුරුදු 50ක් මේ රටේ මුල්බැහැගත්තු දැවැන්ත රසායනික පොහොර ඇබ්බැහියකින් රට මුදවනවා කියන එක, ඒ දැවැන්ත මාෆියාවත් එක්ක හැප්පෙනවාය කියන එක විශාල අභියෝගයක්. ඒක දැනගෙනමයි මේ වැඩේට බැස්සේ. එතකොට ඒ සා දෙයක් එක්ක හැප්පෙන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක එල්.ටී.ටී.ඊ. යත් එක්ක හැප්පුන එකට පස්සේ මේ රටේ කරපු ලොකුම යුද්ධය. මේක එල්.ටී.ටී.ඊ. යුද්ධයට වැඩියෙන් මිනිස්සු මැරුව, අදටත් මිනිස්සු මරණ ත්‍රස්තවාදයකට එරෙහිව කරපු යුද්ධයක්. මේකත් හැබෑම මානුෂික මෙහෙයුමක්. ඒ නිසා මේ සටනට අපේ අනෙක් හැම බලඇණියක්ම ලැහැස්තිකරමින් අපි මේ යුද පිටියට යමු කියලා මම ජනාධිපතිතුමාට කිව්වා. ඒ වුණත් යුද පිටියට බැහැලා ගහගෙන ගහගෙන ඒ මැදට ගිහින් බලනකොට එතැන හිටියේ මමත්, ජනාධිපතිතුමාත් විතරයි. අනෙක් බලඇණි එකක්වත් අපේ පස්සෙන් ඇවිත් තිබුණේ නැහැ. අන්තිමේදී ඒ යුද පිටියේ මමත්, ජනාධිපතිතුමාත් තනිවුණා.
මේ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් හැදුවා. ඒක එක දවසක්වත් රැස්වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට ඇවිත් ගැහුවා මේකට. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු 40ක් අත්සන් කරලා මෙයට අකමැත්ත පළ කරලා ලියුමක් දුන්නා. මේ ප්‍රතිපත්තියෙන් හොඳම වාසිය වෙන්නේ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයට හා පරිසර අමාත්‍යංශයට. ඒත් පරිසර ඇමැති මේ ව්‍යාපෘතිය විවේචනය කළා. සෞඛ්‍ය අමාත්‍යංශය එක මාධ්‍ය සාකච්ඡාවක් හෝ තිබ්බෙ නෑ මේ ව්‍යාපෘතියේ සෞඛ්‍ය වැදගත්කම කියන්න. අපේ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් මේකට සහය දුන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය කරට ගන්න ඕනේ අයගෙන් සියයට අනූවක් කරඇරියා. ඒකට හේතුත් තියෙනවා. සමහරු මේ ව්‍යාපෘතිය බොරකරලා ඒකෙ දේශපාලන මාළු බෑවා. සමහරු මේකෙ ආර්ථික මාළු බෑවා. මේ දෙගොල්ලොම ඒ වෙනුවෙන් මට වටකරගෙන ගැහුවා.
රජයෙ සේවකයන් ට බය ලoකා වේ බිහිවෙච්ච පලමු ආන්ඩුව දෙන් තියෙන්නෙ
ජනාධිපතිත් ඇදගෙන දැන දැන බෙල්ලෙ වැල දා ගත්ත මහින්දානන්දයා අමු හරකෙක්
Paga gahapuwa beda gatta….
විරුවා පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .පොහොර මාෆියා කාරයෝ පරාජයට පත් කර නැවතත් ගොවියාට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
කොරයි කොරයි තිබුන පෝර මිටි ටිකත් ඇඳන් යට හංගගෙන අසරණ ගොවියන්ව වගා කාලය පහුවෙනතෙක් උද්ඝෝෂණ වලට ඇදදාපු කුහක පාහර හැත්ත.
පෝර මාෆියාවට ජයපතා අසරණ ගොවියන් උද්ඝෝෂණ උලව්වට මෙහෙයවූ කුහක ජෙපි හැත්ත රටට කෙසේවෙතත් උන්ට නම් කොරගනියි හීනෙන් හරි බලේ ලැබුනොත්.
ඔව් උන්ට හොඳටම කෝරගන්න ඕනේ නම් රාජපක්ෂලාට හේත්තු වෙන්න තිබ්බා.
අර විමල් ගොයියා වගේ.
බැරි දේවල් කරන්න බෑ.මොලය නැති හොරකම රැකියාව කරගත්ත එකාලට කොහොමත් හොරකම හැර වෙන මොනවවත් කරන්න බෑ.
රසායනික පෝර සමාගම් වලින් පඩි ගන්න අයයි, ඉදල් ඉරිඟු ගහවත් හඳුනන් නැති මහාචාරියොයි උපදේශක කමිටුවට පත්කිරීමේ විපාක තමයි ඔය. හරියට කරුණු සොයාබලා; පෝර නැතුව හෙළ ක්‍රමයට වගාකරන්න දන්න අයට වැඩේ බාර දුන්නා නම් රටත් ගොඩ ආණ්ඩුවත් ගොඩ.
අනෙක් මිනිස්සු අවෙ හොද අදහසකින් මූ අවෙ හොරා කන්නනේ…? මුන්ගෙ ගූ වැඩ අනිත් මිනිස්සුන්ට ගා ගන්න බැටි නිසා නේ උබල දාල අයින් උනේ…
කථාවේ ඇත්තක් නැත්තෙම නෑ.ඔහුගේ නැදෑයෝ හදපු කාබනික පොහොර විකුණන කර්මාන්තයක් ලංකාවේ දන්න තරමින් නම් නැහැ.ඵහෙම ඵකේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න පුලුවන් ඔහු ජනපතිගේ සෞභාග්‍යයේ දැක්මට සක්‍රීයව සහයෝගය දීලා තියෙනවා කියලා.අගයකරමි
ගොන්නුන්ට පුලුවන් තප්පුලන්න මේ එකෙක් කට ඇරියොත් කෙබරයක් ලොක්කගෙ පස්ස මිරික මිරික භිටු.
why are you panicking now ? 😒 we already made payments to chinese shit ship. Do you want more shit ?