ජනාධිපතියේ වැඩපිලිවෙලේ අපේ ගොඩක් යෝජනා තිබෙනවා.. ජනාධිපති සමග සාකච්චාවට යනවා..- සර්වපාක්‍ෂික අරගලකරුවෝ

August 5, 2022 at 12:00 pm | lanka C news
ජනාධිපතියේ වැඩපිලිවෙලේ අපේ ගොඩක් යෝජනා තිබෙනවා.. ජනාධිපති සමග සාකච්චාවට යනවා..- සර්වපාක්‍ෂික අරගලකරුවෝ

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට තමන් සහභාගි වන බව සර්වපාක්ෂික අරගල කරුවෝ කියා සිටිති.

ඔවුන් විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පවතින තත්ත්වයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බැවිනුත්, ඔහු සිය රාජාසන කතාවේදී ඉදිරිපත් කළ ඉදිරි වැඩ සැලැස්ම තුළ අප සංවිධානය විසින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් යෝජනා කරන ලද විසි වැදෑරුම් යෝජනාවලියේ බොහෝ යෝජනා ඇතුළත්ව තීබීමත් සාධනීයව සලකමින් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කළෙමු.

එහිදී අප සංවිධානයක් වශයෙන් අපගේ යෝජනාවලියට අමතරව පහත සඳහන් කරුණු තුන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිමු.

01). ගෝඨාගෝගම ඇතුළු සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මර්දන ක්‍රියාවලිය නතර කිරීම.

020. සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ බව කියමින් හිතුමතයට විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනය නවතා පොදුවේ අරගලකරුවන් ඇතුළු අරගලයට දායක වූ සියලු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නවතාලීම.

03). අලුතින් නිර්මාණය කෙරෙන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු සඳහා ඊට ගැළපෙන සහ ප්‍රාමාණික සුදුසුකම්ලත් මහජන නියෝජිතයන් පමණක් පත් කිරීම සහ ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේපවීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබානොදීම.

එමෙන්ම උක්ත සාකච්ඡාවට සහභාගි වීම හරහා අප ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සංවිධානයක් වශයෙන් කිසිදු සූදානමක් නොමැති බවත්, එහෙත් සාමකාමී පොදුජන අරගලයේ ඉල්ලීම් ජනතාවට සහ රටට දිනාදීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස අප දායක වන බවට වන සලකුණු සටහන් කිරීමත් පමණක් මෙහිදී සිදු කෙරෙන බවද අවධාරණය කරමු.

තවද ඉදිරියටත් ස්වාධීන පාර්ශ්වයක් ලෙස අපගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින්, අරගලය මූලික කොට ඉදිරිපත් කළ යෝජනා සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවිධානයක් ලෙස සක්‍රියව දායක වන බවත්, අරගලයේ මුල සිටම අප විශ්වාස කළ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා රටට අවශ්‍ය වෙනස දිනාගැනීම සඳහා මැදිහත් වන බවත් සිහිපත් කරමු.

– සර්වපාක්ෂික අරගලකරුවෝ

19,072 views

16 Comments to “ජනාධිපතියේ වැඩපිලිවෙලේ අපේ ගොඩක් යෝජනා තිබෙනවා.. ජනාධිපති සමග සාකච්චාවට යනවා..- සර්වපාක්‍ෂික අරගලකරුවෝ”

  1. Jana says:

    Being a older citizen of this country, I think even they are afraid now, they have done something for this country.
    The meantime I hope they have realised their shortcomings. So listen to them also. Give them a chance to diverged their clear intentions.

  2. Cosmic ray says:

    පටන්ගැම්ම නිර්පාක්ෂික, දැන් සර්වපාක්ෂික, යතාර්ථය ඩොලර් පාක්ෂීක.

  3. මෝ says:

    මුන්ගෙ මරු ඉල්ලීම්.උන්ව අතඩංගුවට ගන්න එපා කියල ඉල්ලන්නයි මුං ගිහින් තියෙන්නෙ.රනිල් එක්ක ගේම් බැරි බව තොපිට තේරුන එකත් ලොකුදෙයක්.

Leave a Comment

Main News