ජනාධිපතිවරණයට අගමැති රනිල්.. සහාය දෙන්න බැරි අය පක්‍ෂයෙන් යන්න..

September 14, 2019 at 3:22 am | lanka C news
ජනාධිපතිවරණයට අගමැති රනිල්.. සහාය දෙන්න බැරි අය පක්‍ෂයෙන් යන්න..

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට සූදානම් වන්නැයි රවි කරුණානායක මහතා කියා සිටියේය.

ඔහුට සහයෝගය දීම සඳහා පක්ෂයේ සියලු දෙනා කටයුතු කලයුතු බවද ඇමැතිවරයා පැවසීය.

එසේ සහයෝගය දීමට බැරි කිසිවකු සිටීනම් පක්ෂයෙන් යන ලෙසද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කරුණානායක ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

34,853 Viewers

7 Comments to “ජනාධිපතිවරණයට අගමැති රනිල්.. සහාය දෙන්න බැරි අය පක්‍ෂයෙන් යන්න..”

  1. Bald Citizen says:

    Well said, Ravi. That’s the way to go!

  2. Janaranjana says:

    එජාපය විනාශය කරා ගෙනියන ලොකුම පිලිකාව මේ බැංකු හොරා. මේ කරන්නේ මහින්ද සමග ඩීල් එකක්. රවිය හදන්නෙ රනිල්වත් නැතිකරල යූ ඇන් පී එකත් දෙකට කඩල මහින්ද ලගට ගොස් ඇමතිකමක් ගන්ඩ.බැංකු හොරකමෙන් ගැලවෙන්ඩත් ඇති එකම මාර්ගයත් ඒක බව මේ දේශපාලන නිලමැස්සා දනනවා.

  3. New Times says:

    රටට එකම විකල්පය 225ම පන්නා පොදු ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි.
    ඉන්දියාවේ දැවැන්ත නිදහස් අරගලයෙනුත්,චීනයේ 1949 විප්ලවයෙනුත් වුනේ අධිරාජ්‍යවාදීන් එම රටවල දේශිය හෙන්චයියන් හා සමග එක්ව හෙබවු රාජ්‍ය බලය පොදු ජනතාව අත්පත් කර ගැනීමයි. ඉන්දියාවේ,චීනයේ දියුණුව ආරම්භ වන්නේ රාජ්‍ය බලය ජනතාව අතට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය. ලංකාවේ දැනට සිදු වන්නේ 1948 දක්වා අධිරාජ්‍යවාදීන් හෙබවූ රාජ්‍යය බලය පාර්ලිමේන්තුව නම් හොර ගුහාව යොදවාගෙන, බොරැ නිදහසක් බොරැ ප්‍රජාතන්ත්‍රවදයක් ගැන රවටවමින් තවදුරටත් විදේශ බලවේග විසින්ම දැරීම හා මෙහෙයවීමයි.සැබෑ නිදහස හා දියුණුව ලැබීමට නම් මේවනවිට තමන් අත නැති රාජ්‍ය බලය ජනතාව රතු,කොල,නිල් 225 පලවා හැර තම අතට ගත යුතුය.

    • Ex JVP says:

      ඉංදියාවේ ජනතාවට අපට තරම්වත් යහපතක් නැහැ. ඉංදියාවෙ බලය තියෙන්නෙ පර්ලිමේන්තු ක්‍රමය තුළ. ඔය කියන නිදහස් අරගලෙන් ඉංදියාව කෑලි කෑලි වලට කැඩුන මිසක්, ජනතාවට ලැබුනු දෙයක් නැහැ. බහුතරයක් ඉංදියානුවො නූගත් කම, දරිද්‍රතාවය, අසාධාරණය ආදියෙන් පීඩා විදිමින් අන්ත දුගී තත්වයකයි ජීවත් වෙන්නෙ. දේශපාලකයො ඇස් දෙක ලගටම වංචාවෙන්, දූෂණයෙන් වැහිල.

      චීනයෙ බලය තියෙන්නෙ තනි දේශපාලන පක්ෂයකට. ජනතාවට තියෙන්නෙ ඒ අය කියන විදියට වැඩ කරන්න.

      රටක් උනොත් පාලකයො ඉන්න ඕනැ. 225 ම ගෙදර යැව්වත් රට පාලනය කරන ප්‍රායෝගික ක්‍රමය මොකක්ද? ඉස්කෝලයක බලය ශිෂ්‍යයො ගත්තොත් යහතින් ඉගැන්වීම සිදු කළ හැකිද්?

  4. john the baptice says:

    කොහොමටත් උබලා ගෙදර යනවා තමයි

  5. fawmy says:

    Your future is done start packing things to walikada u can share prision room with Arjuna mahendrann

Main News