ජනාධිපතිවරණයට එනවාද.. ගෝටා-බැසිල් එකම කතාව දෙවිදිහකට කියයි.. අන්තිම තීන්දුව එක්කෙනෙක් අතේ..
May 12, 2018 at 10:33 pm | lanka C news
එළැඹෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයෙන් තරග කරන අපේක්ෂකයා කවුදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගත් පසු තමන්ද තීරණයක් ගැනීමට සූදානම් යයිද ඒ මහතා පවසයි.
කුමන තීරණයක් ගත්තද තම පවුල ඉතා සාමදානයෙන් කටයුතු කරන පවුලක් බවත් මහින්ද රාජපක්ෂ මහතා දෙන තීරණය අනුව රට වෙනුවෙන් පවුලේ සියළු දෙනා එක්ව කටයුතු කරන බවද ඔහු කීය.
ගොඩකවෙලදී පැවති උත්සව සභාවක් අවසානයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සදහා පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගෙන්ද මාධ්‍යවේදීන් කොළඹදී පැවති වැඩසටහනකින් පසුව විමසීය.
ඒ මහතා කියා සිටියේ එවන් අදහසක් නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය මොහොත්දී ඒ ගැන තීන්දු කරනු ඇති බවත්ය.
ජනාධිපතිවරණය ගැන කතාකිරීමට පෙර පැවැත්විය යුතු පළාත් සභා මැතිවණය පවත්වන ලෙසද ඔහු ආණ්ඩුවට කියා සිටියේය.
තවදුරටත් චන්දවලින් පලක් නෑ …… ජනතාවට දැන් අවශ්‍ය විප්ලවයක් !!!!!!
පොදු පෙරමුණ කියන්නේ , ජනතාවගේ පක්ෂයක් නෙමෙයි , එක රාජපක්ෂ පවුලේ බලය රැකගන්න
හදපු පක්ෂයක්, එකෙ රාජපක්ෂ පවුලෙන් තොර නායකයෙක් පත්වන්නේ නෑ , එකේ ඉන්න අනිත් දිනේෂ් වගේ පක්ෂකින්ට වෙන්නේ රාජපක්ෂ පවුලට ගැති වෙලා හැමදාම පවුලට සේවය කර කර ඉන්නන්යි.පක්ෂයෙන් ජනතාවට සෙතක් වෙන්නේ නෑ
ඉතින් ජනාධිපති වර්ණයට කවුරු ඉදිරිපත් වන්නේ කියල පවුල තීරණය කරයි , පවුලේ කෙනෙක්ම එකට ඉදිරි පත් වෙයි.
ඔය පක්ෂයට හවුල් වන්නේ, රට පවුල් පාලනයකට කැමති කට්ටියයි, එකෙන් ප්රජාතන්ත්ර වදයක් බලාපොරොත්තු වෙන්නේ බෑ
බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ පවුල් තාන්ත්රයක් පමණයි. ගෝටාබේ පත් වුණා කියන්නේ අපේ රට ඇමරිකන් කාරයෙක් පාලනයට පත්වුණා වගේ, එතොකොට ඇමරිකාව එකට්ටියට ඕන විදිහට අපිව පාලනය කරයි
විමල්ලා දිනේශ්ලා මේ බලවේගය හැදුවා. රනිලාගෙ සියළු ප්ලෑන් දියවෙන මට්ටමට මේක නැගගෙන ආවා. රනිලාට මේකට කරන්න දෙයක් තිබ්බෙම නෑ. රනිල් කලේ බැසිල් ගෙන්නපු එක. මොකද ඒ වෙද්දි මහින්දත් ජනතාවට යටත්. රනිල්ට ඕන වුනේ ශේප් එකේ මේ බලවේගය දිය කරන්න. හොරකමට බයේ රටින් පැනපු බැසිල් කොහොමද බන් එයාර්පෝට් එකෙන් බබා වගේ එන්නේ.
මම නම් බැසිල්ට චන්දෙ දෙන්නෙ නෑ හොඳේ.
දේශපාලන බලයක් නැති නිසා පවුලේ කට්ටිය එකට ඉන්නවා .බලය අවොත් කට්ටියගේ සමාදානය බලාගන්න පුළුවන් .
චන්ද්‍රිකා,රනිල්,රාජපක්ෂවරැ,මෙෙත්‍රි, — UNP,SLFP,JVP,HU,etc… මේ හැමෝම කාලය නැමති පරීක්ෂණයෙන් (test of time) අසමත් වී ජනතා විස්වාසය නැති කරගෙන ජනතාවගේ පිලිකුලට හා වෙෙරයට භාජනය වී ඇත…
ඔවුන් ආත්මවංචනිකයන් බව ඔප්පු වී ඇත…
ඔවුන් ගැන විශ්වාවයක් තබා ගන්නා අයද ආත්මවංචනිකයන් වනු ඇත !!!!!!!
මොවුන්ව ශ්‍රී ලංකා දේශපාලන භූමිකාවෙන් සදහටම අතුගා දමා රට බේරා ගමු !!!!!!
Lapa Kumara is the Best for the Country. Right???????
Mun Dennama American Jaathikayo…..!
Lankawe Eka Kondak Thiyena Ekek Nedda….?
MR ta Enna Berinam..Wedagath Piliwelata Pension Yanna…!
මහින්දගේ නායකත්වයේ ධජය යටතේ බැසිල්ගේ සංවිධාන ශක්තියෙන් සවිමත්වු ගෝටභය මැතිදුන්ගේ රාජ්‍ය නායකත්වයෙන් අනාගත රජයක් බිහිවෙම්නම් රටට ස්ථාවර ගමනක් යාහැකි වනු ඇත.
රාජපක්ෂ වරුන් අතර ජනාධිපති අපේක්ෂකත්වය උඩ බෙදීමක් ඇති බව ගෙන ගිය ප්‍රචාරය නිසා ඇතිවූ කැල්ඹීම අවසන් කිරීමට, ජනතාව බලාපොරොත්තු වුනාවූ මෙම පැහැදිලි පිලිතුර පොහොට්ටුවේ පාක්ශිකයට මහත් අස්වැසිල්ලක් සහ විරුද්ධ මතධාරින්ට කනේ පාරක් වනු ඇත.
මේ රට ගොඩනගන්න පුළුවන් අලුත් විදියට හිතන නායකයෙකුට හා බුද්ධිමත්, අවංක දක්ෂ වෘත්තීකයන්ගේ එකතුවකටයි. ගෙම්බන් මෙන් පනින ජරා ජීර්ණ දේශපාලකයන් පරදවා අලුත් පිරිසකට රට භාර දිය යුතුයි. මේ සඳහා පෙළ ගැසෙමු.