ජනාධිපතිවරණයට එන්නට කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. සජිත් පිල අතරමං..

September 18, 2019 at 3:22 am | lanka C news
ජනාධිපතිවරණයට එන්නට කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. සජිත් පිල අතරමං..

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකත්වය ස්ථිර වූ වහාම කරු ජයසූරිය මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කථානායක ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.

මැතිවරණ කොමිසම විසින් ඉදිරි දින කිහිපයේදී මැතිවරණය ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අර්බුදය විසඳෙනු ඇති බව දැනටමත් ලකුණු පහළ වී ඇත.

කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙනු ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යේෂ්ඨයන් විසින් විශ්වාසයෙන් පවසති.

දැනටමත් පාර්ලිමේන්තුවේ සිටින කතානායකවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සමග සඳහන් කරමින් සිටින්නේ කතානායකවරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින බවයි.

ඔවුනද සිය තනතුරුවලින් ඉවත් වීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

38,661 Viewers

6 Comments to “ජනාධිපතිවරණයට එන්නට කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. සජිත් පිල අතරමං..”

  1. Hoo N P Kaaraya says:

    Chanda lakuna ” kihili Karuwa ” thoragaththanam hondata galapenawa!

  2. අංකූරා says:

    දැනටමත් රට කකා ඉන්න මුං රීලම ඉවරයක් කරන්නයි හදන්නේ !!. බලමු !!!.

  3. බන්ඩා says:

    රනිල අංග චලනයෙන් දෙන අන පිළිපදින කරැවාට කවදාවත් රටට ජාතියට හිතේෂියෙක් වෙන්න බැහැ.

  4. Rata Wenuwen says:

    ඩිලාන් මහත්තයෝ, ඔයා ලඟ ඇති වස කුප්පිය (මතකද ) වහාම මෝඩ සජියට යවන්නකෝ, දැන් සජියා වස බෝතල් සොයනවලු,

  5. Saradiel says:

    කතානායක දුරයට මේ වගේ කවටයෙක් එපා කරුණාකරලා ඉක්මනින් යන්න

  6. raju says:

    Ranil ge rukadayak wana karu awath , ranil awath dekama ekai.

Main News