ජනාධිපතිවරණයට එන බව කී ගෝටාට විරුද්දව ඒකාබද්දයේ කදවුරු බදී.. අලුත් අපේක්ෂකයෙක් යෝජනා කරයි..
January 20, 2019 at 10:08 pm | lanka C news
මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පැවසීමත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් සංවාදයක් ආරම්භ කර තිබේ.
වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ යන මහත්වරුන් සාකච්ඡා කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කළහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ ගැටලුවක් ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන අත්දැකීම් අඩු බවත් ඔහු වටා සිටින පිරිසේ වැඩි පිරිසක් හිටපු හමුදා ප්රධානීන් නිසා ඔහු සමග ගමනක් යෑමට අසීරු බව ද ඔවුනතර සාකච්ඡා වී ඇත.
ඒ නිසා මීට පිළියමක් ලෙස ඔවුන් යෝජනා කිරීමට අදහස් කරන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය මේ සතියේ මැද දිනයක ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.
කවුරු කොහොම අදහස් ප්රකාශ කලත් රටට සුදුසුම නායකයා ගෝඨාභය …රටට ආදරය කරන මිනිසුන්ගේ එකම බලාපොරොත්තු ව එයයි..දිනේශ් ලා වාසුලා වෙල්ගමලා මොන කතා කීවත්..(මහින්ද හැර.) වෙන කෙනෙක් දාලා බලන්න ..හොම්බෙං යන්න පරදිනවා..