ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි.. නොනවතින අත්පොලසන් ජයඝෝෂා මැද වියත්මග ඇමතු ගෝටාගේ දේශණය මෙන්න.. [Video]

January 13, 2019 at 10:15 pm | lanka C news
ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි.. නොනවතින අත්පොලසන් ජයඝෝෂා මැද වියත්මග ඇමතු ගෝටාගේ දේශණය මෙන්න.. [Video]

ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන  මතයේ සිටිනවා. සමාජයේ බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හදුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි අර්ථකතනයක් කරගෙන තිබෙනවා. නමුත් අපේ රට අනිකුත් රටවල් වගේම ඉදිරියට ගෙන යෑමට නම් ශ‍්‍රී ලාංකිකයි කියන ප‍්‍රතිපත්තිය තහවුරු කර ගැනීම අවශ්‍යයි. මේ ජාතිකත්වය  කියන ප‍්‍රතිපත්තිය සෑම කෙනෙක් අතරට ගෙන යාම අත්‍යවශ්‍යයි.

දැන් අලූත් ව්‍යවස්ථාව ගැන විවිධ අදහස් මතු වෙනවා.  ව්‍යවස්ථාවක් අවශ්‍ය ද නැද්ද කියන සංකල්පය ජනතාව තුළට රැගෙන යා යුතුයි. ශ‍්‍රී ලාංකිකයි කියන ජාතිකත්වය ජනතාව තුළට රැගෙන යෑමට වෘත්තිකයන්ට විශාල වගකීමක් තිබෙනවා. දුප්පත්කම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ලෝකය තුළට බටහිර ගෙන යන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තිබෙන්නේ පුද්ගල අයිතිවාසිකමයි. සෑම රටකම වසර විස්සක් යන තුරුත් අපිව බලා ගන්නේ දෙමාපියන්. රට ගැන වසර විස්සක් යන විට අපේ ඇඟට දැනිලා ඉවරයි. ඉතිහාසයත් එහෙමයි අමතක කරන්න බැහැ.

ආසියාවේ දියුණු සෑම රටකම නායකයන් ජාතිකත්වය ජනතාව තුළ රැගෙන ගිහින් තිබෙනවා. ඒ නිසයි එම රටවල් දියුණු වෙලා තිබෙන්නේ. පිටරට ජීවත් වන පිරිස් රටේ ජනතාවට වඩා රට ගැන හැඟීමක් තිබෙනවා. වෘත්තිකයන් වශයෙන් අපේ අයිතිවාසිකම් හඳුනාගත යුතුයි. එසේ වුවහොත් අපි අපේ ඉලක්කයට යන්න පුළුවන්කම තිබෙනවා. මේ වසර වැදගත් වසරක්. ජනාධිපතිවරණයක් තිබෙන්නට අවශ්‍යයි. ඔබත් ලෑස්ති නම් මමත් ඒකට ලෑස්තියි.

චමින්ද කරුණාරත්න
GR Media

107 views

20 Comments to “ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි.. නොනවතින අත්පොලසන් ජයඝෝෂා මැද වියත්මග ඇමතු ගෝටාගේ දේශණය මෙන්න.. [Video]”

  1. jana says:

    shree lankika identity eka thahawuru karanna puluwanda american citizin eka tiyegena… double game

Main News