ජනාධිපතිවරණයට තරග කරන්නේ කවුදැයි මහින්ද ඉන්දියාවේදී මුල් වරට හෙලි කරයි.. ජයග‍්‍රහණය 100%ක්ම විශ්වාසයි..

September 12, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට තරග කරන්නේ කවුදැයි මහින්ද ඉන්දියාවේදී මුල් වරට හෙලි කරයි.. ජයග‍්‍රහණය 100%ක්ම විශ්වාසයි..

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තම සහෝදරයෙකු තරග කිරීමට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ඉන්දියාවේ සංචාරයක නිරත වන රාජපක්ෂ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත හා අදහස් පළ කරමිනි.

19 ව්‍යවස්ථා සංශෝධනය අනුව තමන්ට ද යළිත් වතාවත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇතැයි ප්‍රබල නීති තර්කයක් ඇතත් එම අවදානම ගන්නේ දැයි තවම තීරණය කර නැති බවද ඒ මහතා එහිදී සඳහන් කර ඇත.

තම පක්‍ෂය මීලගට බලයට ඒම ගැන 100%ක්ම විශ්වාස යයිද ඒ මහතා එහිදී සදහන් කර ඇත.

තෙදින නිල සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් හමුවීමට නියමිතය.

45,969 Viewers

17 Comments to “ජනාධිපතිවරණයට තරග කරන්නේ කවුදැයි මහින්ද ඉන්දියාවේදී මුල් වරට හෙලි කරයි.. ජයග‍්‍රහණය 100%ක්ම විශ්වාසයි..”

  1. Simon says:

    Victory is assured. Only hope to resurrect the country from the doom.

  2. sunimal says:

    ගොටාබය තුමාට ජයවේවා

  3. Sumith says:

    Good answer to close the mouths of UNP baka padithayas in SL.

  4. Kadiya says:

    ශ්‍රී ලංකාව යනු කාලකන්ණි රටක් නොවේ. එහි ජීවත්වන සියලුම ජනතාව යම්කිසි අප්‍රකාශිත හේතුවක් මත මහත් දුකක් විඳින්නට නියමව තිබුණා. එනමුත් එය ඉතා ඉක්මනින් පහවී ගොස් එම විනාශය ගෙන එන්න හේතු වූ යමපාළුවන් හට එම දුක ජීවිතේ තිබෙනතෙක් විඳින්නට නියමව තිබේ. ශ්‍රී ලංකාව දුකෙන් ගලවගන්න එන සුදුසුම අයකු මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කරනු ඇති. මහින්ද මහතා වඩා බලවත් අගමැති තනතුර හොබවනු ඇත. නමුත් යමපාළුවන් අනුන්ට කැපූ වලවල්වල ඔවුන්ම වැටීම දැකගත හැකිය. නියත ජය ලබන ජනාධිපති අපේක්ෂකයා කවරකු වුවද යුධය ජයගැනීමේදී රාජපක්ෂවරු පෙන්වූ එකමුතුකම, දුරදක්නාකම, දේශප්‍රේමීත්වය සහ කර්යක්ෂමකම එසේම පවතිනු ඇත. එය මෙසිරිලකට වාසනාවකි.

  5. පොඩි එකා says:

    ආ… ඒක තමයි මේ අරගොල්ලෝ 20 ගෙනැල්ලා ඡනාධිපතිවරණය අහෝසි කරන්න හදන්නේ..

  6. karu 1 says:

    I hope this is referring to Gotabaya. I had a firm belief that former president will get correct decision. He really loves this motherland.

  7. gota honda soldaduwek. kolamba mal wewata ,lassana kalata KOTI GANAN WIYADAM KARA HADAPU PAWENA MARKET DEN KO????BERE WEWE GILILA NEDA yantham O.L ITHARAI .ARMY SUDSUKAMA WEDAK NETHA
    MEYA BORUWATA MAWAGENA HINAWENNA HARI DAKSYA HARIMA NAPURUYI THORAGATTITH IWARAI chanda 30 laksayakata wada netha

  8. dasun says:

    Ayyo, ethakota mahindata thunparak barida? Ko me Sarath Silva saha GL pappa

  9. සීගිරි says:

    මහින්ද The Hindu සමග කරන සම්මුක සාකච්ඡාවෙදී කරැණු දෙකක් එලි දරව් කරනවා.
    1.ජනාධිපතිවරණයෙන් තමා පරාද වීමෙන් පසු ඉන්දියාව පිලිබඳව තමා වැරදි ආකල්ප වල හිටි බව (ඒ අනුව විමල් නම් රතු ඌරැ පැටියාත් ගම්මන්පිල හීරළුවාත් ප්‍රතික්ෂේප වේ)
    2.එල්.ටී.ටි.ඊ ත්‍රස්තයන් විනාශ කිරීම ඉන්දියාවේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වූ බව.

  10. PULATHISI says:

    1.කවුරු වුනත් කමක් නැහැ මහින් ද රාජපක්‍ෂගේ යෝජනාවට ජනතාවගේ ආශීර්වාදය ලැබෙන බව ප්‍රාදේශීය සභා ප්‍රතිඵල තුලින් ඔප්පු වුනා.
    2. කෙසේ වෙතත් ඔබතුමාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට දිවිපරදුවට තබා ක්‍රියා කළ ගෝඨාභය, බැසිල් සහ චමල් සහෝදර වරුන්ගේ සතුරන්ට ආයුධ සැපයීමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ගෙන් පිළිබඳව උපක්‍රමශීලී විය යුතුය.
    3. යුධ සමයේ ඉන්දියාවේ ද්විත්ව ක්‍රියාකාරිත්වය අප අමතක කළයුතු නොවේ.
    4. එසේම පස්චාද් යුධ සමයේ ඉන්දියාවේ ක්‍රියාකාරිත්වය, මෙන්ම යමපාලනය බලගැන්වීමේ ක්‍රියාදාමය අමෙරිකානු සහායෙන් ක්‍රියාත්මක කළ ආකාරයත්, 2015 ජනවාරි සිට ගතවූ වසර තුනක කාලයක් අපේ රටේ සියලුම අංශ දිනෙන් දින අභාවයට යන ආකාරයත් අප අමතක කළ යුතු නොවේ.
    5. සියල්ල එසේ සිදුවෙමින්, මේ වනවිට ලක්බිම වක්‍රාකාරයෙන් ඉන්දියාවේ තවත් අර්ධ ප්‍රාන්තයක් බවට පත්වී අැත.
    6. එසේම යමපාලනය අවසන් හුස්ම හෙලීමේ පියවරට ආසන්න වෙමින් පවතින බැවින්, ඊළඟ බලතුලනය අනුව මහින් ද රාජපක්‍ෂ ප්‍රධාන රාජපක්‍ෂ ප්‍රබල සාධකය, කෙසේ හැසිරවිය හැකිද යන්න දැන් සිටම ඉන්දියාව හදාරමින් සිටී. ඒ සඳහා “රෝ” සංවිධානය අතීතයේමෙන් දැනටත්, ඉදිරියටත් ක්‍රියාත්මකය.

  11. Hari says:

    INDIAN JANA BALAYA LANKAWATA APPA

  12. indunil says:

    ratata hetakk……………

  13. Sanjeewa says:

    This article doesn’t provide the right info. MR first said Namal can’t contest due to age issue & another Rajapakshe will contest instead. Despite all allegations, mega corruption, dealings & the disgusting super star performance by his brother in law at Sri Lankan Air lines, I would still vote for MR as he finished the war. However he can only dream if he wants Namal to become the president of Sri Lanka. He can’t even pass the law exams without cheating. I would even in my dream never want that person to become the Head of State. This could be a big big mistake. Namal would not even get 20% of the vote base. This person doesn’t even possess basic needs to be a president.

    • Sivananthan says:

      You don’t expect him to badmouth his son in front of all SL and Indian audience do you? Of course he would say he is not of age and thus can’t contest. It’s well known that he still needs maturity and experience. If he cheated in law exam it would have been revealed by now. The entire school population would have filed petitions. It’s likely to be a mudslinging campaign just like many allegations. Today, corruption is worse and even CBK era looks better in comparison. The majority agrees that Namal is not fit to be president at least for now, so it’s only normal that Mahinda would act diplomatic about this issue.

Main News