ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්..- රාජිත

August 11, 2018 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්..- රාජිත

පොදු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ආරාධනාවක් ලදොත් ඊට තමන් සූදානම් බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එම අභියෝගය භාරගෙන ජයගන්නට තමන් සූදානම් බවද ඒ මහතා සති අන්ත පුවත්පතකට සදහන් කර ඇත.

මීට අමතරව රාජිත සේනාරත්න ඇමතිවරයා මෑත කාලයේදී පැවති උත්සව අවස්ථාවන් කිහිපයකදීම කියා සිටියේ මීලගට රට බාර ගන්නට සූදානම් වන්නැයි තමනට ආරාධනා ගණනාවක් ලැබී ඇති බවයි.

මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ ‘සුවපති’ ලෙස සෞඛ්‍ය ඇමතිවරයා වර ගන්වමින් උත්වසයක්ද පැවතියේ ජනාධිපතිවරණය ඉලක්ක කරමින් බවයි.

83 views
Main News