ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරනය එයි.. අති විශේෂ ගැසට් පත‍්‍රය සූදානම්..

July 27, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරනය එයි.. අති විශේෂ ගැසට් පත‍්‍රය සූදානම්..

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරනයට කලින් පැවැත්වීමට හැකි වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සිකුරාදා පස්වරුවේ දී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සමග සහ නීතිපතිවරයා සමගින් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.

පලාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස නීතිපතිවරයාට ජනාධිපතිවරයා පසුගිය සතියේ දී දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත වැදගත් තොරතුරු කිහිපයක් ලබාදී තිබේ.

අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සිකුරාදා සාකච්චා කර ඇති බව ද වාර්තා වේ.

නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ටාශ සහ අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමයට වීමට බොහෝ ඉඩකඩ ඇති බවද වාර්තා වෙයි.

129 views

14 Comments to “ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරනය එයි.. අති විශේෂ ගැසට් පත‍්‍රය සූදානම්..”

  1. charles says:

    This guy so mad

  2. Dp says:

    රනියව තාප්පෙටම හේත්තු කරනවා වගේ .

    • දේශද්‍රෝහියා says:

      රනියව තාපෙට හේත්තු කිරිල්ලක් අපට අදාළ ම නැ. පළාත් සභා එපා.. එපා එපාමයි.. මොන කාලකන්නියෙක් හරි ආය පළාත්සභා වලට පන දෙන්න හදනවානම් උ තමයි මේ රට ඉන්න විශාලම දේශද්‍රෝහියා. සිරිසේන එක්කෝ පලාත්සභා චන්දයක්ව පෙන්නලා ජනාධිපතිවරනය කල් දාගන්න හදනවා නැත්තං මු යන්න ඉස්සලා චතුරිකාව පළාත්සභාවේ බෞතීස්ම කරලා යන්න හදනවා. ඔය පළාත් සභාව ඕනිමයි කියන්නේ මැති ඇමති වරුන්ගේ පුත්තු සහ හෙන්චයියෝ.

  3. Araliya says:

    Ethakota sajith kiwwe feel dala president ekka eeka Kal demma kiyalane. E kiyanne Ravi kiwwe eththa wagei neda?

  4. Nidan Hora says:

    Mung okkoma horu. Deshapalanayen athugaala danna oni mung relama…:-)

  5. Game Baiya says:

    Boru Pada Vitharai … No sound No Feel…

  6. Parakum says:

    Do we need another tier of govt? we function for a long time without Provicial councils. Its a waste of peoples money & this is the place where all ROBBERS get on board to ROB the public purse.

  7. kalu thara says:

    ඔය රෙද්දෙ පළාත් සබාව නම් නැති තරමට හොඳය්..
    මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනිය කරන කොඩිවිනයක් ඕක ….

  8. Nandasoma says:

    නව ක්‍රමයට පවත්වන්න ගියොත් ඒකටත් වෙන්නෙ පළාත් පාලන මැතිවරණයට වුන දේමයි…..!
    කවුරු හරි උසාවි යනව…. මැතිවරණ කල් යනව……!!

    ඒ ක්‍රියාවලියෙම ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරණයටත් බලපෑම් ඇති කරනව……!!!

    මේ දාන ජිල්මාට් එක ජනාධිපතිවරණයත් කුමන ක්‍රමයකින් හෝ කල් දැමීමේ උපක්‍රමයක් කියලයි හිතෙන්නෙ……!!!

  9. අනුර කුමාර says:

    මැතිවරණ එපා!!!

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වනසන මැතිවරන ක්‍රියාවලිය
    වහා නවතනු.

    ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මැතිවරණ සිතියම අවුරුදු
    තිහකට හකුලාගනු!

  10. sathya says:

    This Mongal President is Greedy for his position.
    So he tries all the ways to postpone the Presidential election.