ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එනවා.. ස්ථිරවම දිනනවා..- මහින්ද

March 25, 2018 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එනවා.. ස්ථිරවම දිනනවා..- මහින්ද

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තමන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ද විපක්‍ෂය විසින් තෝරාගන්නා අපේක්‍ෂකයා වෙනුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ සදහන් කර ඇත්තේ ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

එම ජනාධිපතිවරණයේදී තම භූමිකාව පසුගිය පළාත් පාලන මැතිවණයේදී මෙන්ම වනු ඇති බවද ඒ මහතා සදහන් කර ඇත.

මේ අතර කොළඹදී පැවති පොදුජන පෙරමුනේ අපේක්‍ෂක දිවුරුම් දීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි පළාත් සභා, මහ මැතිවරණ හා ජනාධිපතිවරණය තරග වදින්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවයි.

එම සියළු මැතිවරණ ස්ථිරවම ජයගන්නා බවද ඒ මහතා එහිදී පැවසීය.

18 views

13 Comments to “ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එනවා.. ස්ථිරවම දිනනවා..- මහින්ද”

  1. ඇත්ත says:

    ආන්න එහෙම එන්න. ජයග්‍රහණයෙන් පසු කල යුතු මුල්ම දෙය වන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන් සහ සිංහල බිල්ලන් පාලනය කිරිමය…

    • Dubba says:

      අර කොළ පාටින් පිපුණු නෙලුම් පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ දැන් ?

  2. Sujatha Senaratne says:

    ඔබ තුමාට සහ ඒකාබද්ධයට ජයවේවා. නමුත් ඔබතුමා දේසපාලන පලිගැනීම නම් නොකරන බවත් අවට පේනවා. නමත් බටලන්දයට නම් දඬුවම කල යුතුමයි මෙ කරල තියෙන වින්නැහියට.

  3. Karu says:

    Niyamayi, great move. Decisions so far so good. Flower bud will give the freedom to emabark on new political journe without getting clutches of the old iut dated political pundits of SLFP

  4. Nim says:

    JAYAWEWA ////////
    JAYAWEWA
    SRI LANKA WE ANAGATHAYA TA
    JANATHAWATA
    EDIRI PARAMPARAWATA
    NIDAHASE JEEWATH WEEMATA
    LABEWA.

  5. King Peechang says:

    Does he know 19th Amendment….

  6. මාතලේ බණ්ඩා says:

    UNP යෙන් ජනාධිපතිවරණයට එන්නෙ සජිත් ප්‍රේමදාස.බලමු මොකද වෙන්නෙ කියල.

  7. DAYASIRI says:

    තිස් වසරක යුධ ශාපයෙන් රට මුදවාගෙන තිරසාර සංවර්ධන මාවතකට මව්බිම යොමුකළත්, 2015 ජනවාරි දේශ ද්‍රෝහීන් විසින් සිදු කළ විකෘති පාලනයේ අනිෂ්ඨ ඵලවිපාකයෙන් ජනතාව මුදාගැනීමට නම්, නැවත වරක් දැයේ විරුවාණන් වන ඔබතුමාගේ නායකත්වයෙන් නව පාලනයක් ගොඩ නැගිය යුතු බව පසුගිය පෙබරවාරි 10 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී, ඉදිරිපත් කළ පුරවැසි ප්‍රකාශයෙන් සනාථ කරන ලදී. ජනතා පැතුම එයයි විරුවාණෙනි. ලක්මවට සුභ අනාගතයක්.!!!

  8. lion says:

    ගොටාබය තුමාට ජය පතමු

  9. Yes, Sir, that is that.

  10. indunil says:

    WADA WADAGATH RATA ILLANA KENA……

Main News