ජනාධිපතිවරණයට සහාය ඉල්ලා සජිත් පිල ජවිපෙ සමග සාකච්චා..
September 15, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා සහාය වන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයෙකු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු මුණගැසී ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයට හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ එම යෝජනාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව නැති බවයි.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එය අද පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා කිහිපයකදීම පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සදහා තම අපේක්ෂකයා ස්ථිරවම ඉදිරිපත් වන බවත් කිසිම අපේක්ෂතයෙකුට සහාය දී ඉල්ලා අස් නොවන බවත්ය.