ජනාධිපතිවරණයට හැමෝම ඉල්ලන්නේ ගෝටාභය රාජපක්‍ෂයි.. පොහොට්ටු ලොක්කන් ඔහුට ආරාධනා කල යුතුයි..- දිළුම් අමුණුගම

May 5, 2018 at 10:30 pm | lanka C news
ජනාධිපතිවරණයට හැමෝම ඉල්ලන්නේ ගෝටාභය රාජපක්‍ෂයි.. පොහොට්ටු ලොක්කන් ඔහුට ආරාධනා කල යුතුයි..- දිළුම් අමුණුගම

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇති බිය නිසා බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

‘පාක්‍ෂිකයන් සියළු දෙනාගේ ලොකු ඉල්ලීමක් තියෙනව ගෝටාභය රාජපෂක්‍ මහත්තය පිළිබදව ඒක කියන්න අපි බයවෙන්න ඔ්න නෑ. ඒක පාක්‍ෂිකයන්ගෙ ඉල්ලීම.

එතුමත් කියල තිබුණ ඉල්ලීමක් තිබුනොත් එතුම එන්න සූදානම් කියල. ඉතින් ඒ ඉල්ලීම කිරීමේ වගකීම පොහොට්ටුවේ ප‍්‍රධානීන්ට පැවරෙනව’

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කිරීම සිදු කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

98 views

22 Comments to “ජනාධිපතිවරණයට හැමෝම ඉල්ලන්නේ ගෝටාභය රාජපක්‍ෂයි.. පොහොට්ටු ලොක්කන් ඔහුට ආරාධනා කල යුතුයි..- දිළුම් අමුණුගම”

  1. karu 1 says:

    දිලුම් අමුණුගම මැතිතුමන්ට හද පිරි ප්‍රණාමය. ඔබතුමා සැමදා පැවසිය යුතුදේ කෙලින් පවසන ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන දක්ෂයකු ලෙස තැබූ විශ්වාශය මානව තහවුරු කරමින් මේ කරන ලද ප්‍රකාශය අයිතිහාසික වනු ඇත. එකබ්ද්ධයේම වැඩ බැරි පරණ පුරුදු දේශපාලනයම කිරීමට කැමති කිහිප දෙනෙකු ගෝටභය මැතිදුන්ගේ ආගමනයට අකමැති බව ඔවුනගේ ප්‍රකාශන වලින් පෙනීයයි. තරුණ දක්ෂ ජනපදනමක් ඇති මන්ත්‍රී වරයෙක් ලෙස මේ කල ප්‍රකාශය ගෝටභය රටේ ජනාධිපති වනවා වීමට කැමති දහසක් ජනතාවගේ බලපොරොත්තු වලට ජීවයක් ගෙනදෙනු නොඅනුමානය. වල්මත් වී ඇති ශ්‍රී ලංකා මාතාව නැවතත් ඇයට හිමි නිසිතැන පිහිටුවීමට හැකි වර්තමානයේ සිටින එකම නායකයා ගෝටභය මැතිදුන් පමණි. එකාබද්ධයේ නායකත්වයට එම අයිතිහාසික කරුණින් බැහැර වීමට ඉඩ නොදෙමු. දයිවයේ සරදමකට මෙන් 2005 වසරේදී මහින්ද ජනපති තුමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක කිරිමට් ජනතාව අරගල කරේ යම් සේද අද දවසේ ගෝටභය මැතිදුන් ලබා ගැනීමට දේශප්‍රේමී ජනතාවට අරගල කිරීමට සිදුව ඇත. මෙය…. අපි….. සැම….. එක්ව….. සිදුකරමු. ලක්මවට ගෞරවරය නැවත රැගෙන එමු…………

  2. NAK says:

    Be patient Dilum. There is no hurry. Who is going to contest can be decided once the election is called. Naming names at this moment will only create unnecessary problems for that person.

  3. සීගිරි says:

    මුන්දලා දේවාලේ කපුවෝ වගේ ….. දෙයියෙක් නැත්නම් දේවාලෙට මිනිස්සු එන්නේ නෑ …කපුවට ජොබ් එක නැති වෙනවා එතකොට….
    කපුවා බලන්නේ දෙයියෙක් නැත්නම් යකෙක්ව හරි වඩම්මවලා දේවාලේට මිනිස්සු ගෙන්න ගන්නයි…
    මිනිස්සුන්ට පක්ෂ,මේ දේශපාළුවෝ හැම එකාම එපා වෙලා…
    ගෝඨාව පෙන්නලා තමන් හැර යන පාක්ෂිකයාව රදවා ගනනයි මේ උත්සහාය…

    • Wikramabahu says:

      pachagahanta epa,සීගිරි. gota deshapalanayata thawama hariheti evillath ne. ohuta pakshayak thiyenawada?

      • සීගිරි says:

        අද ජනතාවට ඕනේ තැන මේ කිසිම පක්ෂයක් නෑ….
        ඔවුන් හැම කෙනෙක්ම ජනතාවට අහිතකර රටට අහිතකර වැඩ පිලිවෙලවල් වලට ඉබේම තල්ලු වෙනවා….එහෙම වෙන්නේ කොහොමද?
        මේ හැම පක්ෂයක්ම,සංවිධානයක්ම බටහිර රටවලින් පෝෂණය හෝ මෙහෙයවෙන එ්වා….
        එහෙමත් නැත්නම් ජනතාවට නායකත්වය දෙන්න ඉදිරිපත් වන්නන් එක්කෝ පාරම්පරික තක්කඩිඩයන්,දූෂිතයන්….එක්කෝ ද්විත්ව පුරවවසියෝ…නැත්නම් ග්‍රීන් කාඩ් කාරයන් හරි ඩෝල් වලින් ජීවත් වූ චරිත…

        • ගීසිරි says:

          ‘අද ජනතාවට ඕනේ තැන මේ කිසිම පක්ෂයක් නෑ…’
          ‘ජනතාව’ කියලා කියන්නෙ ලොං හැලිච්ච ජෙප්පන්ට නෙමෙයි බං.😀

  4. amiya says:

    gota is our next president

  5. David Milli-banda says:

    Dilum just continute to maintain your composure and lets go with the flow for now.

Main News