ජනාධිපතිවරණයත් කල් දමන බවට මුල්ම හෙලිදරවුව මෙන්න.. යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක්..

March 23, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණයත් කල් දමන බවට මුල්ම හෙලිදරවුව මෙන්න.. යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතා පවසයි.

19 වන සංශෝධනය ක‍්‍රියාත්මක වන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබු දිනයේ සිට නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවත් ඔහු සදහන් කරයි.

තම ධුර කාලය ක‍්‍රියාත්වක වන කාල සීමාව සම්බන්දයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසුවහොත් ස්ථිර වශයෙන්ම එම තීරණය ලැබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරයා විසින් තම ධුර කාලය වසර පහක්ද හයක්ද කියා විමසූ අවස්ථාවේදී උපරිමාධිකරණ මතය වූයේ වසර පහක් බවයි.

මේ අතර මැතිවරණ කොමිසම සදහන් කරන්නේ මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් කැදවීම ස්ථිර බවයි.

ජනපති ධුර කාලය ගැන අලුත් මතයක්

ජනපති ධුර කාලය ගැන අලුත් මතයක්

Gepostet von Hiru News am Freitag, 22. März 2019

58,153 Viewers

3 Comments to “ජනාධිපතිවරණයත් කල් දමන බවට මුල්ම හෙලිදරවුව මෙන්න.. යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක්..”

  1. sunimal says:

    ජනාධිපති සිරිසේන ගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා අපි කිරිබත් කමු ගොටාබය තුමාට ජය පතමු

  2. Saradiel says:

    ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

  3. Saman Adikari says:

    HE President has right verify from SC of Lankan his term really expire date month and year.
    There is nothing wrong by that.
    Indeed do not try skip Presidential election, because this country belongs all citizens of Sri Lankan. Meanwhile respect right to elected next man or women as head of State who ever be elected by majority of Lankan by votes not by that bullets … of that JVP or LTTE or TNA type of politics..

Main News