ජනාධිපතිවරණයත් කල් දැමීමේ සැලැස්මක්.. එය ත‍්‍රස්තවාදී වැඩක්..- මැ.කො. සභාපති

June 17, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණයත් කල් දැමීමේ සැලැස්මක්.. එය ත‍්‍රස්තවාදී වැඩක්..- මැ.කො. සභාපති

දෙවන පෙලක් ඉදිරියට ඒම පිළිබදව ඉදිරි පෙල බියට පත් වී තිබෙන නිසා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩ දී ප්‍රකාශ කළේය.

පළාත් සභා පමණක් නොව ජනාධිපතිවරණයද කල් දැමීමට සැලසුම් කරමින් සිටින බව දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී හෙළි වූ බවද ඒ මහතා අවධාරණය කළේය.

ලෝක මුහුදු කැස්බෑ සංරක්ෂිත දිනය නිමිත්තෙන් කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිලිබදව කොස්ගොඩ, ගල්බොක්ක කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ වැඩ සටහනෙන් පසුව රටේ මැතිවරණ සිතියම පිළිබදව මාධ්‍ය විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.

දේශපාලනයේ දෙවැනි පෙල නිර්මාණය වෙන්නේ පළාත් සභා මැතිවරණයෙන්. අපේ රටේ දේශපාලනයේ නිරත ඉදිරි පෙල, දෙවැනි පෙලක් නිර්මාණය වනවාට කැමැත්තක් නැහැ. ඔවුන් ඒ සදහා බියක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා පළාත් සභා කල් දානවා.

දැන් ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක්ද තිබෙන්නට පුළුවන්. ඒ පිළිබදව පසුගියදා පැවති දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඔවුන් පෙන්වා දුන්නා. පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වූ අනාරක්ෂිත තත්ත්වය පෙන්වා දෙමින් එය සිදු කිරීමට උත්සාහ දරණවා වෙන්න පුළුවන්.

මැතිවරණ වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා. කුමන තත්ත්වයක් මත වුවත් මැතිවරණ කල් දැමීම සුදුසු නැහැ. මැතිවරණ කල් දැමීම ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයිද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

36,004 Viewers

9 Comments to “ජනාධිපතිවරණයත් කල් දැමීමේ සැලැස්මක්.. එය ත‍්‍රස්තවාදී වැඩක්..- මැ.කො. සභාපති”

  1. SL says:

    දෙවන පෙළ නායකයින් කියන්නේ ” ඉසුර ” වගේ පළාත් සභාවෙන් ආපු ගොබ්බයින් ද .පළාත් සභා, ප්‍රාදේශීය සභා පිහිටවීමෙන් උනේ අපට චන්ද අවස්ථාවේ වැඩිවීමක් සහ දෙවැනි පෙළ ලෝක හොරු ටිකක් බිහිවීම පමණයි.

    • කොන්ද පන ඇති එකෙක් says:

      මේ රටේ මීට පෙර දෙවෙනි පෙළවල් තිබ්බා…. පළාත්සභා අවශ්‍ය නැ දෙවෙනි පෙළවල හදන්නේ. මේ රටට අනවශ්‍ය පළාත්සභා චන්දය නොපවත්වා ඊළඟ ජනාධිපතිවරනයෙන් දිනන අපේක්ෂයා මෙම පළාත්සභා අහෝසි කල යුතුයි. මද්‍යම රජය සහ ප්‍රාදේශීය සභා තිබ්බම හොඳටම ඇති. පළාත් සභා වැඩක් ම නැ…. ඉන්දියාවට ඕනවට හදපු පළාත් සභා ලංකාවට ගැලපෙන්නේ නැ ඉන් විනාශයක් පමණක් සිදුවේ. ඊළඟ පාර කොන්ද පන ඇති එකෙක් ජනාධිපති වේවා….

  2. සිරිසේන 2 says:

    කවුද ත්‍රස්තයන්? කවුද මැතිවරණ කල් දැම්මේ? මැකෝ වහාම ප්‍රකාෂයක් කල යුතුය්.

  3. Saradiel says:

    කරුණාකර බයිලා දාන්නේ නැතුව ඉල්ලා අස්වෙන්න

  4. vishnu says:

    මු තමයි ලොකුම පට්ට හොරා

  5. අංකූරා says:

    හැබැයි ජනතාවට හිතෙන්නේ ඔය ත්‍රස්තවාදී ක්‍රියාවට ඔබ තුමාත් වක්‍රව හරි සම්බන්ධයි කියලා !!.

  6. මාතර සුනිල් says:

    ඔය නම වැරදිලා දාල තියෙන්නේ. මහින්ද දේශප්‍රිය කියන මහත්තය ගිය අවුරුද්දේ ඉල්ලා අස්වුනානේ. දැන් ඉන්නේ රනිල්ගේ පස්ස ලෙව කන එකෙක්. ඌ ජාතක වෙලා තියෙන්නේ රනිල්ගේ තාත්තටම තමයි. ඒ ගතිගුණමයි. ඇරපු අතක් නෑ.

    • By stander says:

      What can this poor fellow do ,when those power greedy ,crafty politicians after coming to power deceiving the people and after bringing the country to such a messy situation , when they seem to be scared to hold the due elections?

  7. kelum says:

    ඇයි ඔලුවටම වෙඩි තියනවා කිව්වා නේද? .
    ඔන්න ලොක්කා අවස්තාව …

Main News