ජනාධිපතිවරණයෙන් ගෝටාභය 70%යි..

October 24, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණයෙන් ගෝටාභය 70%යි..

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ගස්‍රයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සදහා අද (24) හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිත වැඩ කරන ජනතාව වෙතට ගොස් පැවැත් වු පොකුරු රැස්විම් කිහිපයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු තොණ්ඩමන් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ලැබි ඇති බවත්, 70% ජන්ද ප්‍රතිශතයකින් මේ රටේ ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනද්ය ලබා දි එතුමා තවත් ශක්තිමත් කිරිමේ වතුකරයේ ජනතාවගේ  අයිතිවාසිකම් එතුමාගෙන් ලබා ගත හැකි බවයි.

වතුකරය නියෝජනය කරන ඇතැම් දේශපාලඥයින් මත්පැන් ලබා දි වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගන්නා බවත්, මෙවර  එම ක්‍රමය අනුගමනය නොකර තම අයිතිවාසිකම් ලබාදෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ජන්දය ලබාදිය යුතු බව තොණ්ඩමන් මහතා කියා සිටියේය.

වතුකරයේ ජනතාවගේ වැටුප් ප්‍රශ්නයේදි රජය මගින් රු පනහක අමතර වැටුපත් ලබාදෙන බව පවසා එම මුදල මෙතෙක් ලබා නොදුන් වතුකරයේ ඇතැම් දේශපාන නායකයින් දිපාවලි උත්සව සමය වෙනුවෙන් රාජය මගින් රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදලක් ලබාදෙන බව පැවසුවද එම මුදලට ලබා නොදෙන බව තොණ්ඩමන් මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

211 views
Main News