ජනාධිපතිවරණයෙන් පරාද බව දැනගෙන සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නා.. සජිත් දිනවන්න වැඩ කලේ නෑ..

December 15, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරණයෙන් පරාද බව දැනගෙන සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නා.. සජිත් දිනවන්න වැඩ කලේ නෑ..

රනිල් වික්‍රමසිංහ මහතා සමික්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වන දැන සිටියත් , එ ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බව පැවසුවේ ජාතික මහජන සභාව මගින් හැටන් නගරයේ කැදවා තිබු මාධ්‍යය හමුවකට සහභාවි වෙමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ
එළඹෙන මහ මැතිවරණයේදි මන්ත්‍රිධුර 113 දිනවිමට කටයුතු කලයුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටින්නේ මහ මැතිවරණයේදි නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගැනිමේ අරමුණින් බවයි චමිර පෙරේරා මහතා කියා සිටින්නේ.

මේ රටේ ලක්ෂ පන්ස පහක ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලන බවත්, එම මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ නාකත්වය ලබා දිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවයි චමිර පෙරේරා මහතා කියා සිටියේ.

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට අපෙක්ෂකත්වය ලබා දුන්නේ දින 35 කට කලින් බවත්, මහ මැතිවරණයේදිද එක්සත් ජාතික පක්ෂයේ පරාජය දැන ගතහොත් මහ මැතිවරණයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහාතට ලබාදිමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරන බවයි චමිර පෙරේරා මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,019 Viewers

4 Comments to “ජනාධිපතිවරණයෙන් පරාද බව දැනගෙන සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නා.. සජිත් දිනවන්න වැඩ කලේ නෑ..”

  1. Lapaya says:

    Buruwek thappulayi. Baaaa…..

  2. Janaka from Matara says:

    There was a time this guy appeared smart.

  3. විමලා says:

    මේකා මොකාද? කොහේ හිඳන් ආ නරියෙක්ද?

  4. sampath says:

    පව් යකෝ මුං.

Main News