ජනාධිපතිවරණයේදී අපේ සහාය දෙමල නිජබිමේ ස්වයං තීරණය ලබා දෙන අපේක්‍ෂකට පමණයි..- TNA කියයි..

September 3, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයේදී අපේ සහාය දෙමල නිජබිමේ ස්වයං තීරණය ලබා දෙන අපේක්‍ෂකට පමණයි..- TNA කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදෙන්නේ දෙමළ නිජ බිමේ ස්වයංතීරණ අයිතිය ලබා දීමට පොරොන්දු වන ජනාධිපති අපේක්ෂකයාට බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පවසයි.

මුලතිවුහි පැවති ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය.

වසර ගණනාවක කාලයක් පුරාම තම ජනතාව රැුවැටුණු බවත් තවත් රැවටීමට ලක්විමට සූදානම් නැති බවත් ඇය සඳහන් කළාය.

ඉදිරි ජනාධිපතිවරණයේදී කිනම් අපේක්ෂකයාට සහය දුන්නේ දැයි මෙතෙක් තීරණය කර නැති බවද පැවසූ ඇය දෙමල ජනතාවගේ ස්වයං තීරණ අයිතිය දෙන පාර්ශවයට පමණක් සහාය දීමට තීරණය කර ඇති බවද කියා සිටියාය.

57 views

17 Comments to “ජනාධිපතිවරණයේදී අපේ සහාය දෙමල නිජබිමේ ස්වයං තීරණය ලබා දෙන අපේක්‍ෂකට පමණයි..- TNA කියයි..”

  1. බොහොම හොදයි කෙලින් කිව්ව එක ගැන. දැං ඉතිං කිසිම අපේක්ෂකයෙකුට ටී එන් ඒ එකත් එක්ක හාද කම් බැහැ රට බෙදන්න එකග නොවී. එතකොට ජනතාවට පැහැදිලියි මොකා මොකාටද එන්නෙ කියල. ස්වයං තීරණ අයිතිය කෙසේ වෙතත් ස්වයං වින්දන අයිතිය නම් ලැබෙයි..ඒක් තියාගෙන හිටියොත් හොදයි.

  2. Bandara says:

    Chande denne tna, muslim pakshya ekka ekathuwenne naha kiyala poronduwena pakshayakata

  3. sinha le says:

    මෙවර බලයට එන්නේ සිංහලේ රජයක්

  4. Sam Fernando says:

    Very good TAN support Tamil or JPG. Got a will never agree to your demands. Go ahead.

  5. Asoka says:

    සජිත් කියන ඔලමොට්ටලයා නවින් කියන කපටියා පොරොන්දු වෙලා ඉවරයි.

Main News