ජනාධිපතිවරණයේදී ගෝටාභයට සහාය දෙන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන්න.. එය ගෞරවණීයයි..- ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ජනපතිට කියයි..

June 20, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණයේදී ගෝටාභයට සහාය දෙන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන්න.. එය ගෞරවණීයයි..- ශ‍්‍රීලනිප  මන්ත‍්‍රී පිරිසක් ජනපතිට කියයි..

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග නොකර ගෞරවනීය තීන්දුවකට යන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට යයි.

ඔවුන් යෝජනාව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වීමට වැඩිම ඉඩත් ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන බවට වේලාසන ප‍්‍රකාශයක් කල යුතු බවයි.

එමගින් ජනාධිපතිවරණයට පෙරම ශ‍්‍රීලනිපයට ගෞරවනීය තීන්දුවකට යා හැකි යයිද ඔවුන්ගේ අදහසයි.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිතයන් අමතමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂාවන ආකාරයේ ගෞරවාන්විත තීන්දුවක් ගන්නා බවත්ය.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් එම කාන්තා සංවිධානයේ සියලු දෙනා ඉල්ලා ඇතත් ඊට ජනාධිපතිවරයා ඍජු පිළිතුරක් ලබා දුන්නේ නැත.

56 views

12 Comments to “ජනාධිපතිවරණයේදී ගෝටාභයට සහාය දෙන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන්න.. එය ගෞරවණීයයි..- ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ජනපතිට කියයි..”

  1. Nim says:

    NUWANETHO NATHI THANA
    MODAYO PELUM GAHAPU
    KALAYA AWASAN.
    API HAMOMA
    GOTA SAMAGI

    GOTATA JAYAWEWA.

Main News