ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහාය දෙන්න සූදානම්.. එකම කොන්දේසියයි..- ශ‍්‍රීලනිප සමුළුවේ අත්පොලසන් මැද ජනපති කියයි..

September 29, 2019 at 10:32 pm | lanka C news
ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහාය දෙන්න සූදානම්.. එකම කොන්දේසියයි..- ශ‍්‍රීලනිප සමුළුවේ අත්පොලසන් මැද ජනපති කියයි..

මීලග ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නමුන් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ දිනයේ තමන් හමුවූ මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට තමන් මේ බව පැවසූ බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව හෙට්ටිපොලදී අමතමිනි.

ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය කරද්දී පක්‍ෂ සාමාජිකයේ උස් හඬින් අත්පොලසන් දුන්හ.

එකගතාවය මත ඇති කර ගන්නා ජාතික වැඩපිළිවෙළක් මත ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දිය හැකි වුවද පොහොට්ටු ලකුණට ඡන්දය දෙන්න නොහැකි යයිද ජනාධිපතිවරයා කීවේය.

එනිසා පොදු ලකුණක් යොදා ගත යුතු යයි තමන් දැන්වූ බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

101 views

30 Comments to “ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහාය දෙන්න සූදානම්.. එකම කොන්දේසියයි..- ශ‍්‍රීලනිප සමුළුවේ අත්පොලසන් මැද ජනපති කියයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    ඇයි මොකද්ද පොහොටට්ටුවේ තියෙන අවුල….? ජනතාව ඡන්දය දෙන්නෙ පොහොට්ටුවට මිසක් වෙන ලකුණකට නෙමෙයි…….!

    රට සහ පක්ෂය පාවා දීපු පාපය ගෙවා ගන්න අවශ්‍ය නම් මෙවර හෝ ගෝඨාභයට සහයෝගය දෙන්න…..!!

    පස්සෙ කියන්න එපා, මම ගෝටාට සහයෝගය දෙන්න තමයි හිටියෙ….. අරය කිව්ව නිසා බැරි උනා කියල….!!!

    • Kadiya says:

      පොහොට්ටුව අතහැරලා වෙන මොකක්හරි ලකුණකින් චන්දෙ ඉල්ලුවත් සිරිසේනගේ අවංක කම ගැන තියන සහතිකේ මොකක්ද? මතක්කරගන්න 2015 අගෝස්තු මහ මැතිවරනේදී මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා වගේ නොවැම්බර් 12-15 විතර සිරිසේන කිව්වොත් ගෝඨාභයට චන්දෙ දෙන්න එපා කියල මොකද කරන්නේ. කිසිවිට බොරුකාරයා විශ්වාස නොකලයුතුයි.

  2. Vesamuni says:

    modayage honda hithath narakaya. aappathayage udawwa gotata awaedak. meyata onae pohottuwa podikaradama 2015 kumanthranaya kohomahari dinawanne. slpp ya mohu ganangatha yuthu nowei.

  3. Jagath says:

    This filthy man tries to break votes on Pohottuwa
    Cunning, crook ugly personality !

  4. Ex SLFP says:

    ආප්පය හොදයි සිරාට තනියම ඉල්ලන්න. ඊයෙ රිලාසිරියි මෙයයි හෙට්ටිපොළ නගරයට ආවා. සූ ගාලා මිනිස්සු දහයක් පහලවක් හිටියා. ඒත් බස් දෙක තුනකින් එකතු කරපුවා. ට්‍රැෆික් පොලීසියෙ මහත්තුරු හිටියා සෙනග ප්‍රමානෙට වැඩිය..
    ලක්ෂ පහලොව බලා ගන්න තිබුනා ඊයෙ හෙට්ටිපොලට ආව නම්. ඉදිරි රැස් වීම් වලට ඔයිටත් වැඩියෙන් පොර කකා එයී එහෙනං…
    අනේ මෙහෙම ජාතියෙ පවට පහල වෙච්ච පිං ගොනෙක්…

  5. Kalana says:

    Ooka sahaaya denne nee, Okage plan eka paraddawana ekayi, Buddimath manussayek me welaawe oya wage weda karanne nehe. 2015 th rata keewane, ithuru tika kaalama dhaanna

  6. Nalaka says:

    Best symbol for gamarala is AMBUDAYA

  7. n.s fasions kurunegala says:

    siri rata winasakarala yanna tiyedde hari tiranayak ganna – gon weda nokara

  8. Aurora says:

    සිරිසේනට ලක්ෂ 15 චන්ද තිබුනේ රනිල්ට එරෙහි විශ්වාස භාන්ගෙට පෙර. නමුත් ජනප්‍රිය SLFP මන්ත්‍රීවරු 15 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂෙට එකතුවෙනවිට එයින් බාගයක් සිරිසේනට අහිමිවිය. ජනාධිපති චන්දෙට පෙර තවත් ජනප්‍රිය SLFP මන්ත්‍රීවරු 15 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂෙට එකතුවෙනවිට ඉතිරි එකෙනුත් බාගයක් සිරිසේනට අහිමිවීමට නියමිතය. එකාබද්ධයේ ඉන්න මංත්‍රීවරු මනාපවලට පෙරේතවී එන්න ඉන්න අයට බාධා නොකලොත් සිරිසේනට ඔය කොන්දේසි දමන්න බැරිය. මහින්ද මහත්මයෝ, එකාබද්ධේ නායකවරුනි තත්වය පාලනය කරගන්න. පොහොට්ටුව අතහැරීමට අවශ්‍ය නැත.

  9. RAJIIIU says:

    ඔය බූරුවෝ වගේ අත්පොලොසන් දුන්නු එවුන්ම තම පස්සේ දුකට පත්වෙන්නේ ගොට පැරදිලා, සජිත්, මංගල, රනිල් ගේ කුරුදු පොලු වලින් අම්බානක ගුටි කල, ටයර් උද යන්න වුණාම.

    ඔය බූරුවෝ වගේ අත්පොලොසන් දුන්නු එවුන්ම තම පස්සේ දුකට පත්වෙන්නේ ගොට පැරදිලා, සජිත්, මංගල, රනිල් ගේ කුරුදු පොලු වලින් අම්බානක ගුටි කල, ටයර් උද යන්න වුණාම.

    ඔය බූරුවෝ වගේ අත්පොලොසන් දුන්නු එවුන්ම තම පස්සේ දුකට පත්වෙන්නේ ගොට පැරදිලා, සජිත්, මංගල, රනිල් ගේ කුරුදු පොලු වලින් අම්බානක ගුටි කල, ටයර් උද යන්න වුණාම.

  10. SLCommunity says:

    Uba wage bath kana harakek. Mulu ratama ubata saapa karanawa me ratata karapu winaseta. Ekata ubata dawasaka wandi gewanna wenawa

Main News