ජනාධිපතිවරණයේදී දිනන්නේ අන්තිමට ඉදිරිපත් වන අපේක්ෂකයායි.. එනිසා එජාප අපේක්ෂක පසු කරනවා..
September 3, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය කරන්නේ අවසානයට ඉදිරිපත් කරන අපේක්ෂකයා බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඒ හේතුවෙන් මෙවර ද තම අපේක්ෂකයා ප්‍රමාදවී ඉදිරිපත් කරන බවත් ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඔහු පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ වලදී ද ජයග්‍රහණය කරන ලද්දේ අවසානයට ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා බව ද ඔහු කියා සිටියේය.
කොලොන්නාව ප්‍රාදේශීය මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
WHy these people are so shy to tell the truth! They started their campaign with a massive load of lies! I wonder how they could win the election!