ජනාධිපතිවරණයේදී මං පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ.. නමුත් මං ඡන්දය වෙන කෙනෙකුට දානවා.. ගෝටා පරදිනවාමයි..- වෙල්ගම වැට පැන කියයි..

October 26, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණයේදී මං පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ.. නමුත් මං ඡන්දය වෙන කෙනෙකුට දානවා.. ගෝටා පරදිනවාමයි..- වෙල්ගම වැට පැන කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පොදුජන පෙරමුණට ඡන්දය නොදුන්න ද තමන් තම ඡන්දය භාවිතා කරන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන්ම පරාජය වන බව ද ඔහු පැවසුවේය.

නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන් සමග සිටින බවත් එනිසාම පොහොට්ටුව පරාජයට පත් වන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹදී අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

86 views

33 Comments to “ජනාධිපතිවරණයේදී මං පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ.. නමුත් මං ඡන්දය වෙන කෙනෙකුට දානවා.. ගෝටා පරදිනවාමයි..- වෙල්ගම වැට පැන කියයි..”

  1. Wewagadara Appuhamay says:

    We do not that wanted Welgam of that businessmen vote for GR, we have to say that Wegama vote is not essential for victory of incoming election.
    Welgama betray nation by payment of UNP by $$$$ !@@@

Main News