ජනාධිපතිවරණයේදී මගේ සහාය වැඩ කල හැකි අයෙකුට පමණයි.. පක්‍ෂය කුමක් වුවත් කමක් නෑ..- අර්ජුනත් වැට උඩට එයි..

August 12, 2019 at 8:40 am | lanka C news
ජනාධිපතිවරණයේදී මගේ සහාය වැඩ කල හැකි අයෙකුට පමණයි.. පක්‍ෂය කුමක් වුවත් කමක් නෑ..- අර්ජුනත් වැට උඩට එයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයකුට පමණක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය දෙන්නේ කාටදැයි තවම තීරණක් ගෙන නැති බවද ඔහු පවසයි.

අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දෙන්නේද නැත්තේද යන්න පිළිබදව තීරණය කරන බවයි.

“එක්සත් ජාතික පක්ෂය හිතනවා තමන්ට තනියම ගිහින් ඉල්ලන්න පුළුන් කියලා. නමුත් ඒක හීනයක් විතරයි. නමුත් සන්ධානයක් එක්ක එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගියොත් ඔවුනට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍ර‍හණය කරන්න පුළුවන්. අද තනියම යමු කියන එක්සත් ජාතික පක්ෂයේ සමහර අයට එදා ජයග්‍ර‍හණය කළේ කොහොමද කියලා මතක නැහැ. ආයේ ඒක තේරෙන්නේ තනියම ගිහිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය වුණොත් විතරයි. නමුත් ජනාධිපතිවරණයට එන්නේ කවුද කියන එක එක්සත් ජාතික පක්ෂය තීරණය කළ යුතුයි..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ බව කියා සිටියේ මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි – සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට එක් වෙමිනි.

එය යක්කල ඇසළ හෝටල් ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණ.

– තමීර මංජු

41,265 Viewers

10 Comments to “ජනාධිපතිවරණයේදී මගේ සහාය වැඩ කල හැකි අයෙකුට පමණයි.. පක්‍ෂය කුමක් වුවත් කමක් නෑ..- අර්ජුනත් වැට උඩට එයි..”

  1. n.s fasions kurunegala says:

    ane uba nam epa

    • Love nature says:

      ඇයි උබ පොහොට්ටුවෙ මහ ඒජන්තද? ඒක රාජපක්ෂලා තීරනය කරයි.

  2. Bkaya says:

    කුකුළාට මොන කිකිළිත් එකයි…ෆොනී..මෛත්‍රී ..ගොඨා….ඊළග පිම්ම කා ලගටද?

  3. බන්ඩා says:

    හන්ස නඩේ දිනුවෙ පච ගොන්නක් මතින් බොරැ පොරොන්දු කන්දක් හැම ජාතියකටම දීල බව අර්ජුන නොදන්න විදිහක් නැහැ. අද යූඑන්පී යෙ කවුරැ මොන සන්දානෙ ගහල මොනව පොරොන්දු උනත් ඒවා නොකෙරෙන වැඩ බව ජනතාව අත් දැකීමෙන් දන්නවා. ගෝටා ජනාධිපතිවරණය ලෙහෙසියෙන්ම දිනනවා.

  4. Sun says:

    Thank you for your thinking of a rational way. Other top ministers have blank heads and no intention of working and developing the country. They always counting money without thinking of developing the country. Their heads are blank if not rotten due to money stress. They have no vision or refined mind of rational thinking. Please join someone with determination to uplift the country and the people with a determination.

  5. Araliya says:

    Obathumata pakshayak thiyenawada? Kalin Para weda kale weda kala heki ayatane. Oya Maya kala magadi ahuwewi kiyala wenna ethi.

  6. purawasiya says:

    rata bera ganimata athi awasan awasthawe oba hari thiranayak ganna, kiri pakat janapathi warunta sahaya denna epa.

  7. Gamarala says:

    ප්‍රසන්න රණතුංගගෙ අයියා බව කවුරැවත් තවම දන්නේ නැත්ද,

  8. Love nature says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී.

  9. Gonsun says:

    Loka kusalanaya dinuu tho apen buhuman labuwa

    Lake apaleta deshapalane kornnata tho pelambuna

    Patchama kelala baduma levala thogo jadakam pennuwa

    Ano tho wage depitakartun ganna pakshaya peradena

    Mihindu aiye muuwa gathhoth mage chandeya nethiwena

    Ea wagemai Badura Salima, Raufa wge aya ganu epa

    Munge weda nam marakkantai sihalu pagana weda nisa

    Dravida ayage sahaya aragena ennako ape rata dina
    Nisa

Main News