ජනාධිපතිවරණයේදී වූ වරද මුස්ලිම්වරු දැන් තේරුම් අරන්.. මහ මැතිවරණයේදී විශාල වශයෙන් පොහොට්ටුවට ඡන්දය දෙනවා..- දිළුම්

February 12, 2020 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණයේදී වූ වරද මුස්ලිම්වරු දැන් තේරුම් අරන්.. මහ මැතිවරණයේදී විශාල වශයෙන් පොහොට්ටුවට ඡන්දය දෙනවා..- දිළුම්

ඉතිහාසයේ නොවූ ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරනවා ස්ථීර බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් හාරිස්පත්තුව 2 බලමණ්ඩලය රැස්වීමට සහභාගි වෙමින් ය.

ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වූවේ ය;

පසුගිය ජනාධිපතිවරණයේදී සිදු වූ වැරැද්ද මුස්ලිම්වරු පිළිගනිති.එම නිසා එම වැරැද්ද නිවැරදි කරගැනීම සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් බහුතරයක් මුස්ලිම්වරු පොහොට්ටුව උදෙසා තමන්ගේ සහයෝගය පළ කරනු ඇතයි ද විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඇති ප්‍රසිද්ධ,ජ්‍යෙෂ්ඨ මුස්ලිම් අපේක්ෂක වන ෆාරිස් මහතා ජයග්‍රහණය කරනු ඇතැයි ද අමාත්‍ය වරයා පැවසුවේ ය.

ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවෙන් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 25,000 කට වඩා වැඩි මනාපයෙන් ජයග්‍රහණය කරන බව ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න යන දේශපාලන නායකයින් සහ අනෙකුත් නිලධාරීන් ද පැමිණි සිටියෝය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ගරු ඒ.එල්.එමි.ෆාරිස් මහතා ද විශේෂ  සමිබන්ධ වී සිටියේය.

– Hameem Mohammed

15,322 Viewers

16 Comments to “ජනාධිපතිවරණයේදී වූ වරද මුස්ලිම්වරු දැන් තේරුම් අරන්.. මහ මැතිවරණයේදී විශාල වශයෙන් පොහොට්ටුවට ඡන්දය දෙනවා..- දිළුම්”

  1. King Bull says:

    තවත් මුස්ලිම් පාසලක් ලබා දෙනවා.

  2. අපි නොදන්න නානලා says:

    මෙය ජවිපෙමය තත්වයක් ලෙස හැඳින්විය හැක.

    ජෙප්පන්ටද මැතිවරණයකට පෙර ඡන්දය නොදෙන එකෙක් නැත. තරුණයෝ දෙති, කාන්තාවෝ දෙති, ගොවියෝ දෙති, ධීවරයෝ දෙති, ශිෂ්‍යයෝ දෙති, කම්කරුවෝ දෙති, උගත්තු දෙති, කලා කාරයෝ දෙති, ව්‍යාපාරිකයෝ දෙති, වෘතිකයෝ දෙති, විශ්ව විද්‍යාල ආචාර්‍ය මහාචාර්‍ය වරු දෙති, සුළු ජාතිකයෝ දෙති, ගුරුවරු දෙති, ත්‍රීවීලර් කාරයෝ දෙති, පදික වෙළෙන්දෝ දෙති, භික්ෂූන් වහන්සේලා දෙති, විදෙස්ගතවී සිටින අය දෙති, ආදී වශයෙනි. එහෙත් මැතිවරණයෙන් පසු දීපු කෙනෙක් නැත.

    පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද ලැබීමත් මේ ආකාර ම ය. මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට වැටෙන්නේ මැතිවරණයට පෙර මිස පසුව නොවේ.

  3. malraj says:

    ekak ethida………

  4. Liverpool shane says:

    කවුද umbalage අම්මා da කිව්වේ

  5. T says:

    Kata arann balan idapalla HAMBA chanda labena kal. Mahinda ge buru ralata thamath sathaya attha athi sati yen pili ganna bari hati. Demala janatawa ge bala porothuwa samaen thama du daruwan ge suba sidiya wenuwen vada kiri mai. Hamaba hathikare ohne ballo qage wada wada unge agama palamu tane dene eka pamani.

  6. සිංහල බන්ඩා says:

    සිංහලයන් මුස්ලිමුන්ට නොරැවටී ජනාධිපතිවරණයෙදී ගෝඨාට ඡන්දය දුන්නා සේ එන මැතිවරණයෙදී ජාතිකවාදීන්ට පමනක් මනාප දිය යුතුය්.

  7. test says:

    මොකට කියනවද ආයිබොවන්ඩ… ඒ විස්වාසෙ උඩම ඇඩ්වාන්ස් එකක් විදියට ඇහැලෙපොල වලව්ව මුස්ලිම් ඉස්කෝලෙකට පුදල දාපන්කො… තව ඕන නම් එතිහාසික වටිනාකම් තියෙන තැන්වලට උන්ගෙ නම් වලින් පාරවල් ටිකකුත් නම් කරල දුන්නනම් තමයි වටින්නෙ.. චන්ද වැටෙයි එහෙනම් නැව් පිටින්…
    ගොන් සින්හල දේශපාලුවට මුස්ලිම් එකා මේ තරම් ඇරලත් උගෙ ගාවට බඩගාගෙන යන එකම තමයි ආසාව… උන් චන්දෙත් නොදී සෙරම දේවලුත් අරගෙන ඊලග තීරනාත්මක චන්දෙදි යූන්පී එකට චන්දෙ දෙනව

  8. Kumar says:

    ඇත්තටම ලංකාවේ මුස්ලිම් ජනගහනය කීයද? මේ මුස්ලිම්ලා කොහෙන්ද ආවේ? විදේශිකයන් සිතන්නේ ශ්‍රී ලංකාවත් මුස්ලිම් රටක් කියලා, ඇයි, යන හැම තැනම මුස්ලිම්ලා. දලදා මාළිගාව වටේම පල්ලි. හපොයි! ඒමදිවට පාස්කු ප්‍රහාරය පිලිබද කොමිසමට එන සමහර මුස්ලිම්ලා කියන්නේ පට්ටපල් බොරු.

    • සීයා says:

      ඇයි ගෝල්ෆේස් පිටියෙ නිවාඩු කාලෙට පිරිල ඉන්නෙ ලෝගු ඇඳගත්තු බුර්කා පොරව ගත්කු මුස්ලිම්‍ කට්‍ටිය..මාත් බැලුවා ලංකාව මුස්ලිම්‍ රටක් වෙලාද කියලා ආයුබෝවන්..රට වටේම පන්සල්වලට වැඩිය තියෙන්නෙ කොලපාට තීන්ත ගාපු කැත මුසලිම්‍ පල්ලිනෙ බොලව්‍

  9. 😥😥😥😥😥😥😥 says:

    වඳ වෙලා යන ජාතියකට මොන චන්දයක්ද බං….!
    දැනටමත් උන්ට සිංහල කතා කරන්න බැහැනේ..!
    මොනව වුනත් අපි සිකුරාදාට පල්ලියට යනවමයි..!

  10. Kalana says:

    Kaalakanni…

  11. sinha le says:

    ඇයි දැන් මහනුවරට ඉල්ලන්න සිංහලයෙක් හොයා ගන්න අමාරුද කන්ද උඩරට කියන්නේ වීර හෙළයන් සිටි බුමියක් කණගාටුයි.

  12. Visna says:

    Oya gon hatta newe gotata chande dunne, un hitiyath ekai natat ekai un unge target ekata yanne, me rata Sinhala deepaya misak wena ekek ge newe, sinhala deepaya wenakan anek unta raganna puluwan, sinhalayata inna wena tanak na, nikan chanda higakanna epa

  13. UD says:

    මඟුල තමයි…. උන් උන් ගැන හිතනවා විතරයි…
    මතක තියාගනිල්ලා සිංහලයාට සිංහලයා විතරයි….

Main News