ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප පූර්ණ සහාය ගෝඨාභයට.. ගිවිසුම් ගතවීම සුබ නැකතින් එන සතියේ..

September 27, 2019 at 3:25 am | lanka C news
ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප පූර්ණ සහාය ගෝඨාභයට.. ගිවිසුම් ගතවීම සුබ නැකතින් එන සතියේ..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ සඳහා වන ගිවිසුම්ගත වීම ඉදිරි සතියේ දී සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව ඉක්මනින්ම කැඳවාගෙන යෝජනා සම්මත කරගෙන එළැඹෙන සතියේ මෙම ගිවිසුම්ගත වීම සිදු කරන බවත් ඔහු කියා සිටියේය.

සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.

51 views

6 Comments to “ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප පූර්ණ සහාය ගෝඨාභයට.. ගිවිසුම් ගතවීම සුබ නැකතින් එන සතියේ..”

  1. Nim says:

    ” APPA YA GEN PRAWEESAM
    WENNA ”
    OKAWA WESWA SA NA

  2. ගෝමස් says:

    ඔය හොටුමුත්තා කියන දේ වුනත් නැතත් ගමේ නිදහස් පක්සේ අපි දැනටම ඒ ගිවිසුම ගහලා තියෙන්නේ. දිනන එකේ 60% විතර අරන් දින්නමනේ ලෝකෙට වුනත් පෙන්නේ.

  3. බන්ඩා says:

    එජාපයෙන් සජිත් ගෙ රැස්වීම වලට සිරිසේනව තහනම් කලහම යන එන මං නැති හිටං කල්ලිය අවසානයේ මුතුහෙට්ටිය දමලා සුද්ද වෙන්න හදනවා. කමක් නැහැ වරෙල්ලා එජාප පරයින්ට එරහිව හිට ගනිල්ලා.

    • රන්බණ්ඩා says:

      බන්ඩෝ, එකඟයි දහස් වාරයක් උඹේ කියමනත් එක්ක.
      මේ වෙලාව, අපේ රටේ සිංහල මිනිස්සුන්ට ස්වර්ණමය අවස්ථාවක් බොලං.
      2015දි යහපාලන ගොන්වාහෙලාට චන්දෙ දුන්නු අපේ උන්ට දැන්වත් මොළගෙඩි ටික පෑදිලා, රට ජාතිය ආගම වගේම තමන්ගෙ දරු මුණුපුරු පරම්පරාවට මේ පොළොවෙ පය ගහලා ඉන්න රටක් තියෙන්න ඕනෙ කියන එක හිතලා හරි තීරණයක් නොගත්තොත්, ඒ අපි හැමෝගෙම අවසානයම තමයි බොලං.

  4. අතට ගිය කලක් says:

    සජිත් අඩගහනකම් බලා හිටිය අනුර අඩගහනකම් බලා හිටිය දැන් ඉතින් එල්ලෙන්ඩ තැනක් නැහැ.දැන් පොහොට්ටු ලකුණ අවුලක් නැත්ද?

  5. රනිල් says:

    කොහොමටත් ශ්‍රී ලාංකිකයන්ට රට ගැන සිතන්න ලැබිච්ච අවසාන අවස්ථාව
    මත්ද්‍රව්‍ය ජාවාරම නැති කිරිම
    නාස්තිය දූෂණය නැති කරීම
    කාර්්‍යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම
    ආර්ථිකය නව ලෝකයත් සමඟ ඉදිරියට ගෙන යාම රටේ ආරක්ෂාව මේ සියල්ලටම හොඳ තීරණයක් තමයා ගෝඨා…………………….

Main News