ජනාධිපතිවරණය අතහැර රනිල් විරෝධීන් එක් කරගෙන එජාප නායකත්වය මහ දවාලේ කොල්ලකන්න සජිත් සූදාමනක..
October 1, 2019 at 3:00 pm | lanka C news
සජිත් පේ‍්‍රමදාස මහතා අපේක්ෂකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරණය දිනවීමට නොව ඒ මුවාවෙන් රනිල් විරෝධීන් එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂ නායකත්වය මහ දවාලේ කොල්ල කෑමට බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
‘චන්ද්‍රගුප්ත තේනුවර, ගාමිණි වියන්ගොඩ වැනි ඩොලර්වලට පමණක් කටවල් ඇරෙන ඊනියා සමාජ ක්‍රියාකාරීන් 2015 ජනවාරියේදී ‘යහපාලනය’ ගැන සිදු කළ දේශනා යළි අරඹා ඇති බවත් රට රැකිය හැකි නායකත්වයක් 2019 ජනාධිපතිවරණයේදී බලයට ගෙන ඒමේ සමාජ අභිලාෂයයට එරෙහිව යමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැටලවීමේ කොන්ත්‍රාත්තුවක් ඔවුන් අද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ගෙවීගිය වසර හතරහමාර තුළ මේ ඊනියා සමාජ ක්‍රියාකාරීන්ගේ යහපාලන සටන්පාඨ පුස්සක් වූ බවත් එම කාලය තුළ නීතිය නමන පොලිස්පතිවරුන්, සොලිසිටර් ජනරාල්්ලා හා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරු බිහි වූ බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට අරලියගහ මන්දිරය, විපක්ෂයේ නායකයන්ට නඩු ගොනු කරන තැනක් වූ බවත් මොහොමඞ් මුසම්මිල් මහතා සිහිපත් කර සිටියේය. නමුත් මේ අනීතික, ප්රජාතන්ත්රවිරෝධී නින්දිත ක්‍රියාදාමයට එරෙහිව මේ ඊනියා ‘පුරවැසි බලයේ’ ඩොලර් කාක්කන්ගේ කටවල් ඇරෙැණේ නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර ඇත්තේ ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බව 100%ක් තහවුරු වූ පසුව බවත් මේ ඩොලර්වලට කට ඇරෙන බත්බැලයන් ඒ බව හොඳින්ම දැනදැනත් ව්‍යාජ කරුණු සමාජගත කර ඇති බව ද මොහොමඞ් මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරන මේ මහත්වරුන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන විට ද ඔහු මහ බැංකුව කොල්ලකා මෙරටට රුපියල් බිලියන 3000ක අලාභයක් කළ විට ද පූස් පැටියන් මෙන් නිහ`ඩව සිටි බව ද වැඩිදුරටත් සිහිපත්කර සිටියේය.
එසේම පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව, අලි පැටියකු නීතිවිරෝධීව රඳවා ගැනීම පිළිබඳ නඩු නිමිති සෑ¥ මේ ‘සිවල් ක්‍රියාකාරීන්’ අද ඇතින්නියන් 07 දෙනකු ඝාතනය කිරීමේ සිදු වීමට නම් පැටලැවී ඇති ‘පුතාණෝ’ ගැන කටක් අරින්නේ නැති බවත් පෙන්වා දුන් මොහොමඞ් මුසම්මිල් මහතා මේ පිරිස 2015 කළ පරණ සෙල්ලම 2019 දී සිදු කිරීමට හිතනවා නම් එය වැරදීමක් බව ද සඳහන් කළේය.
‘ටී.එන්.ඒ. සහාය සජිත්ට’
එසේම සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සම`ග සාකච්ඡුා කොට ඔවුන්ගේ ෆෙඩරල් ඉල්ලීම්වලට එක`ගව ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමට කටයුතු කර ඇතත් තැපැල් ඡුන්දය අවසන් වන තෙක් ඒ බව රට හමුවේ නොතැබීමට දෙපාර්ශ්වයම ගිවිස ගෙන ඇති බව ද ජානිපෙ ප්රචාරක ලේකම්වරයා මෙහිදී අනාවරණය කර සිටියේය.
සජිත්ගේ ‘අගමැති – මුදල් ඇමති’ කවුද?
සජිත් පේ‍්‍රමදාස මහතා මුහුණ දී සිටින්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයා පත් කරන ඡුන්දයට බැවින් ‘මේක අගමැති පත් කිරීමේ ඡුන්දයක් නොවෙයි’ කියා ඇ`ග බේරාගත නොහැකි බවත් තමන් ‘හිනෙන්’ හෝ ජනාධිපති වුවහොත් තම විධායක බලය ප්‍රකාරව අගමැති ධුරයට පත් කරන්නේ මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහ යන අයගෙන් කවුරුන්දැයි මෙහිදී මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රශ්න කර සිටියේය. එසේම මුදල් ඇමති ධුරය රවී කරුණානායක මහතාට ලබා දෙනවාදැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු මහින්ද රාජපක්ෂයන් අගමැති ධුරයට පත් කරන බව ඍජුව පවසා ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඍජුව එසේ පැවසීමට සජිත් පේ‍්‍රමදාස මහතාට ලැජ්ජාවක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද ජානිපෙ ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
‘එජාප නායකත්වය උදුරා ගැනීම’
කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා රනිල් විරෝධීන් එකතු කරගෙන ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේ ජයග්‍රහණය කිරීමට හැකි නිසා නොව රනිල් විරෝධී පිල මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ ශක්තිමත් කරගෙන පසු කලෙක එජාප නායකත්වය රනිල් වික්‍රමසිංහගෙන් කොල්ලකෑමට බවත් එසේම ඒ සමග විපක්ෂ නායක සිහිනය සැබෑ කර ගැනීමට බවත් මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නාගරික මන්ත්‍රී අතුල සේනානායක, බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටිහය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ගෝඨාගේ පුරවැසිභාවය සොයන තේනුවර වියන්ගොඩ බිලියන 3000ක් බිලිදුන් හැටි
Gepostet von Mohomed Muzammil am Montag, 30. September 2019
සිත නිවන කතා…
අනුන්ගේ ඒවා ට.ඇඟිලි ගහන්නෙ නැතිව තම තමන් හදාගත් ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට වෙහෙස වීම වැදගත් වෙයි.
Well said සජිත් මීහරක් තමයි.රනිලුත් මීහරක ක තමයි.ජානිපෙ එවුන් අනුන්ගේ පු* ඇගිලි ගහන්නෙ මොකටද
So what the problem you have with unp. They Wil do what ever they want. Just keep you mouth shut.
hakim waeni avastawadeen elawa dama musammil wage muslim nayakayin thama pathkaragathayuthu. gota janapathiwu pasu pathwana anduwe waedagath amathya durayak mohuta diya yuthumai.
Those are 2019 B- E-L-A. We know UNP people always Layers.
Those are 2019 Ba- E-L-A. We know UNP people always Layers.
ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර >Waduranta daliphi llabunhama ohoma tamaaae. Waduru චන්ද්‍රගුප්ත තේනුවර,Unpakata deka puna thamuseyta Hena 1 k gahuwama ati setta poccchi wannna. esyyyyma wayywa!!!!!!
Why this sudden fondness of the UNP and Ranil?