ජනාධිපතිවරණය කල් දැමිය හැකි එකම ක‍්‍රමය මැකො සභාපති සොයාගනී..

July 19, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණය කල් දැමිය හැකි එකම ක‍්‍රමය මැකො සභාපති සොයාගනී..

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ මුරුගසන් වර්ෂාව වැහැලා ලෝක විනාශය වුවහොත් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එසේ නොමැතිව ජනාධිපතිවරණය කිසිදු කල් දැමීමට කිසිදු හැකියාවක් නැති බවද සභාපතිවරයා කියා සිටියේය.

රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී ඔහු මෙසේ පැවසුවේ ‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව’ සම්බන්ධයෙන් රාජගිරිමේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව අමතමිනි.

52,231 Viewers

17 Comments to “ජනාධිපතිවරණය කල් දැමිය හැකි එකම ක‍්‍රමය මැකො සභාපති සොයාගනී..”

  1. අනේ අපොයි says:

    මේ යන විදිහට ඒකත් වෙන්න බැරි නැහැ ඉක්මනටම

  2. කොලුවා says:

    දැං වහින වැස්සත් මුරුගසං වගේ පෙනුනොත් කෙලියා……

  3. කැකුලා says:

    මේ පාර වැදි නායකයත් ජනාධිපතිවරණයට එනවා. ඒක හොඳයි මොකද එතකොට ඔය කෑගහලා බෙර ගහලා පිටරට සල්ලි හිඟාකන එවුන්ට තව සල්ලි කුට්ටි ගෙන්න ගන්න පුලුවන් අපේ රටේ මිනිස්සුන්ව ශිෂ්ඨාචාර කරන්න ඕනේ කියලා.

  4. S.Premarathne says:

    ලෝක විනාශයක් නැතුව ලංකා විනාශයක් වගේ එකක් වුනොත්? එහෙම එකක් වෙන්න බැරිකමකුත් නෑ නේද ?

  5. gamarala says:

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කටින් බතල හිටවන්න හරිම දක්ෂයා

  6. සිංහල බන්ඩා says:

    එහෙම නම් ජෙප්පා අනුර-දාස මුරැගසන් වර්ෂාවවස්සවනවා නිසැකය්. ජෙප්පන්ට ඒ තරසටම මැතිවරණ අරහන්.

  7. නිළමේ says:

    දෙපැත්තෙන්ම හිනායන කතා මැකා්ත් ඉදලා ඉදලා කියන්නේ.

  8. Kadiya says:

    There is a large asteroid very close towards the earth. Scientists calculate it direct to Diyawanna in Siri Lanka.

  9. චන්දදාස says:

    රට ගිනිතියන්නේ නැතිව රැවුල ගිනිතියා ගනින්

  10. UNP GAL IBBA says:

    දැන් කාලයේ වලිගසං වර්සාව නිසා චූඇන්පියට මැතිවරණ කියපුවාම ජලබීතිකාව වගේ???

  11. සිරිසේන says:

    ඔය අතර
    “මුරුගන් වර්ෂාව එන ‌ෙලෙසට ජනාධිපතිි ‌මෛත්‍රිපාල සත්‍යග්‍රහයක”

  12. මාතර සුනිල් says:

    මූ තරම් කයිවාරු කාරයෙක් තවත් නැතිව ඇති. චන්ද තියන්න බැරි වුනොත් අස් වෙනවා කිව්වේ ගිය අවුරුද්දේ නේද. ඒත් තවමත් පුටුවේ. මූත් my3 ටම හරි යන එකා. එල්ලුම් ගහ වගේ තමයි.නොදකින් විතරක් මෙහෙමත් හම්පඩයෝ.

  13. Nandasoma says:

    මේ යන විදිහට ඒකත් වෙන්න බැරි නැහැ ඉක්මනටම……..!

    අනෙක් මැතිවරණ තිබ්බෙ නැත්තෙත් මුරුගසං වරුසාව වැස්ස නිසාද…?

  14. D.Nimal says:

    We are nation governance decided by voters right exercise by universal franchises. This simple facts must be understood right vote suppressed by Commission of Elections. The very pillar of Democracy is right vote.
    But UNP govt. since 2015 Jan 8 has suppressed elections .For example PC elections was postpone by current Election Commission.
    That is a influence by USA.