ජනාධිපතිවරණය පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නැයි රනිල් සජිත්ට කියයි..
October 8, 2019 at 3:00 pm | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඔහු පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ඉන් පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
රනිල් වික්‍රමසිංහගේ යටි කුට්ටු වැඩපිළිවෙල ගෝටට වාසියක් නම් ඇයි මූ ඒක එලිකරන්නෙ. රනිල් මහින්ද යටින් එකට බව කවුරුත් දන්න දෙයක්. මූට ඕනෙ ගෝටව පරද්දන්නද?
රනිලයා දෙපාරක්ම ජනාධිපති මැතිවරණයෙන් කුජූත වෙලා පැරදිලා තවම දේශපාලනය කරන එකේ සජිත්ට කොහොමද අයින් වෙන්න කියන්නේ. වයස අවුරුදු 70 ට වැඩි හැමෝම දේශපාලනයෙන් අයින් විය යුතුයි.