ජනාධිපතිවරණය-මහ මැතිවරණය දිනන්න එජාපයෙන් වෙබ් අඩවි 20ක්.. මාසික පඩිය ලක්‍ෂ 10න් උඩ..

April 20, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපතිවරණය-මහ මැතිවරණය දිනන්න එජාපයෙන් වෙබ් අඩවි 20ක්.. මාසික පඩිය ලක්‍ෂ 10න් උඩ..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂය විසින් වෙබ් අඩවි 20ක් පමණ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව අද මවුබිම පුවත්පත වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මතවාදයට සමපාත දේශපාලන මතවාදයක් දරන දේශපාලන දැනුම සහිත විශේෂ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හැකියාව ඇති පුද්ගලයන් පිරිසක් එම වෙබ් අඩවිවල ප‍්‍රධානීන් ලෙස තෝරා ගැනීමට තීරණය කර තිබේ.

ඔවුනට ඉලක්කම් හයක හෝ හතක මාසික දීමනාවක් ගෙවීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතී.

ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂයට පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සහ ජනතා කැමැත්ත වැඩි වශයෙන් දිනා ගැනීමට මෙම නව වෙබ් අඩවිවලින් බලාපොරොත්තු වෙයි.

මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සංවිධානයක් විසින් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් වෙන් කර ඇති බව ද වාර්තා කර ඇත.

52 views

3 Comments to “ජනාධිපතිවරණය-මහ මැතිවරණය දිනන්න එජාපයෙන් වෙබ් අඩවි 20ක්.. මාසික පඩිය ලක්‍ෂ 10න් උඩ..”

  1. UNP says:

    UNP will loss the next election though they start 20 or 200 Web Sites…They could be able to win if they start the development in days they took the Government in early 2015…without making bogus news on Rajapaksha Regime errors…Now they have started the Development focusing on the election. People have understood the thruth.

  2. ලොකු අප්පුච්චා says:

    එතකොට, ලංකාවේ ජනාධිපතිවරනය වෙන්නේ ලංකාවේ මිනිසුන්ගේ අභිමතය යටපත් කරමින් ඇමරිකාවේ සල්ලි බලයෙන් උන්ගේ අභිමතය අනුවනේද? ඡන්දේ දානකොට හොඳට මතකෙ තියාගනිල්ලා ඇයි අපි දියුනු වේගෙන එනකොට හතරගාතෙන් වැටෙන්නේ මොකද කියලා. වෙන කොහද ඉන්න උනුයි අපිව කොන්ට්‍රොල් කරන්නේ අපේ ජන්ද බලේ උන්ගේ සල්ලි වලින් මෙහෙයවලා.

  3. UD says:

    ඔය පඩි ‌‌ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද දල්ලේ ලෑ.

Main News