ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට තොණ්ඩමන්ගේ කොන්දේසි මෙන්න..

August 31, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට තොණ්ඩමන්ගේ කොන්දේසි මෙන්න..

වතුකරයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විද්වතුන් සමග එක් වි සකස් කර ඇති කරුණු 31 කට සහයෝගය දැක්විමට එකගතාවය පල කරන ජනාධිපති අපෙක්ෂකයාට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබා දිමට එකගතාවය පල කර ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසය කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථනායේ පැවති මාධ්‍යය හමුවකදි පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන  එස්.සත්‍තිවේල් , එම් රාමේෂ්වරන්  යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යය හමුව පැවැත්විණ.

මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු එම පක්ෂයේ ජේෂඨ උප සභාපති එස්.සත්තිවේල් මහතා කියා සිටියේ දැනටමත් ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවත්, තවත් අපෙක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් විමෙන් පසු තම පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් එම අපෙක්ෂකයන් සමග සාකච්ඡා කර තම පක්ෂයේ ඉල්ලිම් වලට සහයෝගය දැක්විමට එකගතාවය පල කරන ජනාධිපති අපෙක්ෂකයාට සහයෝගය දැක් විම පිලිබදව ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශිය සභාව සමග සාකච්ඡා කර අවසන් තිරණයකට එලඹෙන බවයි.

ජනාධිපති මැණිවරණය සදහා ඉදිරිපත් වි ඇති අපෙක්ෂකයන් නිල නොවන මට්ටමෙන් දැනටමත් සකච්ඡා කර ඇති බවද එස්.සත්තිවේල් මහතා පැවසිය.

වතුකරයට විශ්ව විද්‍යාලයක් , වතුකරයේ ජනතාවට සාධාරණ වැටුපක් , රාජ්‍යය සේවයට වතුකරයේ තරුණ තරුණියන් බදවා ගැනිම් , වතු රෝහල් රජයට පවරා ගැනිම , වතු කම්කරු නිවාස ප්‍රශ්නය විසදිම , වතු කම්කරුවන්ට හිමිකම් ඔප්පුවක් සමග ඉඩම් ලබා දිම ඇතුළු කරුණු 31 සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ඉදිරිපත් කර ඇති කරුණු 31 ට ඇතුලත්ය .

– හැටන් රංජිත් රාජපක්ෂ

90 views

9 Comments to “ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට තොණ්ඩමන්ගේ කොන්දේසි මෙන්න..”

  1. Mahesh says:

    People living in these areas are suffering a lot. But there is no criterion in Sri Lanka to establish Universities for different races or cultures. Employment in Government organisations should not be based on political requirements, but based on merit

  2. නාගන්නානන්ද කොටතුවක්කු says:

    2015 ජනාධිපතිවරණයේදී
    නුවරඑළිය මහින්ද පැරදුණොත්
    තොන්ඩමන් විශ්‍රාම යනවා කිවුවා .
    අන්තිමේ නුවරඑළිය චන්ද 145,000 කින්
    මහින්ද පරාදයි .තොන්ඩමන් ගේ චන්ද
    පදනම දැන් ගිලිහී ගිහිල්ලා .
    පොරොන්දු වලට කැමති වෙලා , ගිවිසුම්
    ගහලා වැඩක් නැහැ .

  3. වතු කම්කරුවන්ට දවසෙ පඩිය රුපියල් පනහකින් වැඩි කර ගන්න බැරි නායක්ස්‍යො. මුං කවදද අහිංසක වතු දෙමල ජනතාව වෙනුවෙන් පෙනී හිටියෙ? මුංට ඕනෙ මේ මිනිස්සුන්ව කුනු කානුවෙම තියල ඒ අයගෙ චන්ද වලින් රජ සැප විදින්න. පුලුවන්නම් ඒ අයට කියල වෙනම කෑල්ලක් ඉල්ලගනියි මේ අයට තනියම රජ වෙන්න. පව් අහිංසක මිනිස්සු.

  4. Karu says:

    මෙහි තව සුළු සංසෝධනයක් කර තියනවා.
    ‘මේ සියල්ලම හෝ තොන්ඩමන් මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීම.’
    එතකොට දිනන ඕනෑම කෙනෙකුට ‘වතුකරයේ දමිළ ජනතාව ව්නුවෙන්’ සහයෝගය දෙනවා

  5. Dil says:

    What else you want?

  6. Dil says:

    What else you want?
    More conditions ?

  7. හාවා says:

    සල්ලි වෙන්දේසිය පටං ගත්තා.

  8. Banda says:

    Everyone go to the same uni, study same stuff. But rest of the stuff are fair. Only thing is they have been overly loyal to india lately, we should give them land in other parts of the country to take stop them becoming like north tamils. Otherwise they will start claim hill country is theirs.

  9. sinha le says:

    සිරිමා සාස්ත්‍රී ගිවිසුමෙන් උබලව ඉන්දියාවට පටවන්න තිබියදී උබලට අබය දානය දීම ගැන අපට ස්තුති පල කරපල්ලා වෙන දෙයක් උබලට දෙන්න ඕනේ නැහැ

Main News