ජනාධිපතිවරණ දැන්වීම් තහනම් කලේ යයි මැතිවරණ කොමිසමට නඩු දමයි..

October 24, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරණ දැන්වීම් තහනම් කලේ යයි මැතිවරණ කොමිසමට නඩු දමයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ  ප්‍රචාරක දැන්වීම් සම්බන්ධව.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම්  වීදි තිරමත හා සිනමාශාලා තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් ඔබ විසින් නිකුත් කරන ලද නියෝග අභියෝගයට ලක්කරමින් සමාගමක් විසින් ගරු  අභයාචනාධිකරණයේ මේ වන විට නඩුවක් පවරා ඇත.

එකී නියෝග නිකුත් කිරීම පිළිබදව ඔබතුමා වෙත අප සංවිධානයේ ස්තුතිය පළ කරන අතර එම නඩුවට ජනාතාව වෙනුවෙන්  කරුණු දැක්වීම සදහා අප සංවිධානය එකී නඩුවේ පාර්ශවකරුවෙකුවීමට සදහා කටයුතු සූදානම් කරමින් සිටී.

ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිපත්ති දැනගැනීම පමණක් ජනතාව හැටියට අපට වැදගත් වන අතර එම ප්‍රතිපත්ති ජනතාවට දැන ගැනීමේ කාර්යය මේ වන විට විද්‍යුත් හා මුදිත මාධ්‍ය ඉටුකරමින් සිටී. වීදි තිරයක හෝ  සිනමාශාලාවක ඉතා කුඩා වේලාවක් දැන්වීමක් ප්‍රදර්ශණය කිරීමෙන් ජනතාවට කිසිදා ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති පිළිබදව දැන ගැනීමට නොහැකි බව අප සංවිධානයේ මතයයි. තවද අප මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් රැගෙන සිනමා ශාලාවක් වෙත යන්නේ චිත්‍රපටය නැරබීමට මිස දැන්වීම් නැරබීමට නොවන බවද අවධාරණය කරමු.

ජනතාව‌ෙග් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අප නිබදව පෙනී සිටි අතර ඉදිරියේදීත් පෙනී සිටින නමුත් අනවශ්‍ය ආකාරයට ජනතාවට හිරහැරයක් වන ආකරයට පෝස්ටර් හෝ කටවුට් ප්‍රදර්ශණය කරන අපේක්ෂකයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

36,054 Viewers

6 Comments to “ජනාධිපතිවරණ දැන්වීම් තහනම් කලේ යයි මැතිවරණ කොමිසමට නඩු දමයි..”

  1. අළුත් රටක් says:

    යුක්තිය,සාධාරණය,සදාචාරය අගයන චන්දදායකයන් පිරිසකුත් මේ රටේ ඉන්නවා.
    එම පිරිසට මෙවර තමන්ගේ චන්දය ප්‍රකාශ කරන්න කණ්ඩායමක් ඉන්නවා.මේ 71 වසරක මජර දේශපාලනයේ පාර්ශවකරැවන් නොවුන පිරිසක් වීම තමා ඒ ක.ණ්ඩායමේ වටිනාකම

    • Rommel says:

      Hanai e varadilawath Jeppo nam newei.

      Mokada jeppoth me rate anduwalata heethu wela amathikam aragena oya kiyana 71 vasaraka majara deshapalane kotas karuwo wuna aya.

    • Me says:

      ජෙප්පො යුක්තිය: තම අදහසට නොනැමෙන සැවොම මරා දැමීම. ’71 සහ ’88/’89
      ජෙප්පො සාධාරණය: කැන්ගරු උසාවි මගින් අහිංසකයන් වැරදිකරු කොට අමානුෂික වධ හිංසා පැමිණවීම
      ජෙප්පො සදාචාරය: බීමතින් රිය පදවා අනතුරු සිදුකොට පලායාම, අධිරාජ්‍යවාදීන්ට බැන වදිමින් ඔවුන් සමග එකගෙයි කෑම හා වරදාන භුක්ති විඳීම.
      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊

  2. Aurora says:

    සෑම අපේක්ෂකයකුම ලිඛිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සෑම ගෘහ මුලික අංකයක් වෙතම ලැබෙන්න සැලැස්වීම අනිවාර්යෙන්ම සිදුකලයුතු එකක් ලෙස මැතිවරණ නීතියට ඇතුලත් කලයුතුය. එසේ තම ප්‍රතිපත්ති ඉදිරිපත්කර චන්දය ලබාගෙන තේරී පත්වීමෙන් පසු ප්‍රකාශිත ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියා කළහොත් ඕනෑම පුරවැසියකුට ඊට එරෙහිව පොරොන්දු කඩකිරීම යන චෝදනාව ඉදිරිපත්කරමින් අධිකරණයට යාමේ හිමිකම ලබා දිය යුතුය. එවිට බොරු අපේක්ෂකයන් නැති ජනතාවගේ අයිතීන් රැකෙන බොරු දෙසාබෑමෙන් තොර මැතිවරණ පවතිනු ඇත.

  3. Manel says:

    What’s going on? How come Election Commissioner dictate the way people should communicate? He doesn’t know the basics of communication. Effective communication is the best way to send a message to target audience. As long as FR rights are concerned, EC has know power to dictate terms to a person or a group or a party if they are doing it in a civilized manner.

Main News