ජනාධිපතිවරණ රැලි මැද මහ පිපිරුමකට අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 200ක් ගෙනැත්.. ස්නයිපර් ප‍්‍රහාරවලටත් සැලසුම්..

August 25, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණ රැලි මැද මහ පිපිරුමකට අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 200ක් ගෙනැත්.. ස්නයිපර් ප‍්‍රහාරවලටත් සැලසුම්..

එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්‍ෂක අංශ හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සමත් වී තිබේ.

මේ සඳහා සී 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 200 ක පමණ ප‍්‍රමාණයක් යොදා ගැනීමට සූදානම්ව සිටි බව ද අනාවරණය වී ඇත.

ප‍්‍රබල එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයකුව සිටි කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හා ආරක්‍ෂක අංශ ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළිවී ඇත.

මෙහිදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම එල්ටීටීඊයේ ප‍්‍රධාන ඉලක්කය වී තිබූ බවක් ද අනාවරණය වී ඇතැයි උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවද ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගත් සින්නයියා සිවරූබන් හෙළි කර ඇත.

මෙම සැලසුමට අනුව පසුගිය කාලය තුළ සිය වෛද්‍ය වෘත්තියට මුවා වී සින්නයියා සිවරූබන් අධිබල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ එක්රැස් කර තිබෙන අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නැවත ප‍්‍රතිසංවිධානය කරමින් ඔවුන් ප‍්‍රහාර සඳහා යොදවා ගැනීමට ද සූදානමින් සිට ඇත.

ඉතා සූක්‍ෂම අයුරින් මොහු විදේශගත කොටි ප‍්‍රබලයන්ගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලයක සිට කි‍්‍රයාත්මක කර තිබේ.

මෙසේ ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වන අතරේ මෙරට ප‍්‍රභූ හා හමුදා ප‍්‍රධානීන් විදේශගත වන අවස්ථාවන්හිදී එම රටවලදී ඔවුන් ඝාතනය කිරීමට ද එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සැලසුම් කර තිබී ඇත.

– divaina

242 views

22 Comments to “ජනාධිපතිවරණ රැලි මැද මහ පිපිරුමකට අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 200ක් ගෙනැත්.. ස්නයිපර් ප‍්‍රහාරවලටත් සැලසුම්..”

  1. HENA says:

    THAMATH MUN HATHIKARE.. INNAWA RATA KANNA

  2. PULATHISI says:

    වර්තමාන නවලිබරල්වාදීන් සහ ඔවුන්ට ආවඩන විවිධ නම් වලින් පෙනී සිටින සිවිල් සංවිධානත් උතුරු නැගෙනහිර ප්රබමුඛ කරගත් අන්තවාදීන් ද මේ සඳහා ක්රිනයාත්මක වන බව සක් සුදක් සේ පැහැදිලිය.
    2015 පූර්ව මැතිවරණ සමයේ විවිධ අන්තවාදී කණඩායම් සමග පාලක නව ලිබරල්වාදීන් ඇතිකරගත් ගිවිසුම් අනුව ඊළාම් රාජ්යව ගොඩනැගීම අරමුණු කරගත් මෙම ත්රමස්ත ක්රිායාවන් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතුය.
    මෙම ත්රාස්තයන්ගේ ඉලක්කය බවට පත්ව ඇති සියලුම දේශපාලන නායකයන්ගේ ජීවිත ආරක්ෂාදව තහවුරු කිරීම රජයේ වගකීමයි.

  3. MJ says:

    CIA mother…..kers. Recently America had shown their disagreements regarding major jen shawendra Silva. And also they wants ranil as leader in Sri Lanka. Not gota.

  4. Prabha says:

    හරි දැන් පුපුරණ ද්‍රව්‍ය හම්බවුනාද? ආයුධ හම්බවුනාද? නිකන් බොරු බයිලා ගහන්ඩ එපා යකෝ… මේවා ඇවිල්ලා දේශපාලන බයිලා news.

    • samantha says:

      me gothaya news kiyawala, balala nadda koheda. Gonek wage dhodawanawa. mekata sambanda adhikarana waidyawaraya (apata aranchi widiyata hadisi marana pareekshaka) polis athadaoguwe. Thawa mona kathada.

  5. prabath says:

    මේක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ආරක්ෂාව දෙන්න පුළුවන් එකම කෙනා මන් කියලා අලුගොසුවෙක්ට ජන්දේ දෙන්න වහල්ලුන්ට දෙන නියම මත්කුඩ

  6. වෙබ් බුවා says:

    මේ සැලසුම් පිටුපස ෂුවර් එකටම බලවේග ඉන්න ඉඩ තිබෙන නිසා හොද අවධානයෙන් සිටිය යුතුය

  7. වෙබ් බුවා says:

    මේ සැලසුම් පිටුපස බටහිර බලවේග සිටිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුයි