ජනාධිපතිවරණ සුබාරංචිය රැගෙන රනිල්ගේ විශේෂ නියෝජිතයා කතානායක හමුවේ..
September 12, 2019 at 10:12 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ පණිවුඩයක් රැගත් විශේෂ නියෝජිතයක් කතානායක කරු ජයසුරිය මහතා මුණ ගැසී ඇති බව වාර්තා වෙයි.
කතානායකවරයාගේ නිල නිවෙසටම ගොස් එම විශේෂ නියෝජිතයා සාකච්ජා කර ඇතැයිද සදහන්ය.
අරලියගහ මන්දිරයේදී ඊයේ (11) රාත්‍රියේ පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමෙන් පසුව පක්ෂ නායකයාගේ විශේෂ පණිවුඩය රැගත් විශේෂ නියෝජිතයා කතානායකවරයා හමුවට ගොස් ඇත.
එස විශේෂ පණිවුඩය ඉදිරි ජනාධිපතිවරණය ගැන සුභාරංචියක් බවද දැනගන්නට ඇත.