ජනාධිපතිවරයාට රිසි පරිදි කිසිවෙකු නෙරපන්න බෑ.. විජේදාස ඉවත් කල ඓතිහාසික ගැසට් පත්‍රයෙන් හෙලිවේ..

August 31, 2017 at 10:36 pm | lanka C news
ජනාධිපතිවරයාට රිසි පරිදි කිසිවෙකු නෙරපන්න බෑ.. විජේදාස ඉවත් කල ඓතිහාසික ගැසට් පත්‍රයෙන් හෙලිවේ..

බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තමන් දරන අමාත්‍ය ධූරයන්ගෙන් පසුගිය 24 වෙනිදා “අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3) අ ව්‍යවස්ථාව යටතේ එතුමා වෙත පැවරි ඇති බලතල ප්‍රකාර 2017 අගෝස්තු මස 23 වෙනි දින සිට ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබු බව මෙයින් දැනුම් දෙනු ලැබේ” අතිගරු ජනාධිපතිගේ නියමය පරිදි, ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ලෙස අංක 2034/11 ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3) අ ව්‍යවස්ථාව යනු “අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්” ලෙස සඳහන් වේ.

මේ අනුව බලන කල 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව එවකට සිටි ජනාධිපති විලියම් ගොපල්ලව මහතා සහ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලතල බැලු බැල්මට එක සමාන වනුයේ එදා සහ අද ජනාධිපතිවරුන් දෙදෙනාම අගමැති හා ඇමතිවරු පත්කිරිම සහ ඉවත්කිරිම දෙකම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා සිදු කල යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බැවිනි.

ඒ අනුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ක්‍රියාත්මක වනුයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත බවට මෙයට කදිම සාක්ෂියකි. ඒ අනුව කිසිකලක ජනාධිපතිවරයාට තමා නියෝජනය පක්ෂයක් ජයග්‍රහණය නොකොට අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයෙකු පත් කරනවා තබා අමාත්‍යවරයෙකු පත්කිරිමට හෝ ඉවත්කිරිම අගමැතිවරයාගේ උපදෙස් නොමැතිව ක්‍රියාත්මක කල නොහැකිය. එසේ ජනාධිපතිවරයා සිදු කලහොත් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කල පුද්ගලයකු බවට තීරණය වනු ඇත.

49 views
Main News